
Hatch විසින් මෙරට ආරම්භක ව්‍යවසායකයින්ට Silicon Valley ආයෝජකයෙකු වන Tim Draper සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙයි
Hatch ආයතනය, Draper Startup House සමඟ එක් ව ගෝලීය රූපවාහිනී වැඩසටහනක් වන ‘Meet the Drapers’ ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර ඇත. ඔබ තාක්ෂණයේ මීළඟ පියවර වෙත ළඟා වීමට අදහස් කරන්නේ නම්, මෙම සුවිශේෂී අවස්ථාව අතපසු නොකරන ලෙස සිහිපත් කරන අතර, 2023 ජනවාරි 18 දිනය වන විට hello@meetthedrapers.com ඊ මේල් ලිපිනය වෙත ඔබගේ ඉල්ලුම් පත යොමු කරන්න.
මෙය දේශීය ව්‍යවසායකයින්ට ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඔවුන්ගේ ආරම්භක ව්‍යාපාරික සංකල්පය ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන අතර, Silicon Valley ආයෝජකයෙකු වන Tim Draper වෙත සිය ව්‍යාපාරික අදහස ඉදිරිපත් කරමින්, ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනා ගැනීමේ අවස්ථාව ද ලබා දෙයි.
පසුගිය වසර ආරම්භයේ දී, Draper Startup House හි නිර්මාතෘ වික්‍රම් භාරතී මහතා, Hatch හි නිර්මාතෘ ජීවන් ඥානම් මහතා සහ බ්‍රින්දා සෙල්වදුරෙයි මහත්මිය හමු වී සාකච්ඡා කළ අතර, එහි දී වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් මිදී නැවත නැඟී සිටීම සඳහා ශ්‍රී ලංකාවට ඇති දැවැන්ත හැකියාව පිළිබඳ ව විශ්වාසය පළ කෙරිණි. මෙරට වර්ධනය වන ව්‍යවසායකත්ව ක්ෂේත්රය නඟා සිටුවීම පවතින දුෂ්කරතා මඟ හරවා ගැනීම ප්‍රධානතම අවස්ථාව බව ද එහි දී ඉදිරිපත් වූ අදහස් අතර විය.
Hatch, ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන විවිධත්වය පිළිබිඹු කිරීම සඳහා නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන, තිරසාර මෙහෙවරක යෙදී සිටින ආයතනයකි. ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධාන උත්ප්‍රේරකය ව්‍යවසායකයින් ය යන විශ්වාසය මත පදනම් ව කටයුතු කරන Hatch නවෝත්පාදනයන් සඳහා සහයෝගය ලබා දෙන අතර, පසුබිම කුමක් වුව ද ලෝකය වෙත අර්ථවත් බලපෑමක් ඇති කිරීමට සෑම කෙනෙකුට ම අවස්ථාව ලබා දිය යුතු ය යන අරමුණ පෙරදැරි ව එම සමාගම ක්‍රියාත්මක වේ. ප්රාග්ධනය, පුහුණු මෙවලම්, උපදේශනය, වෙළෙඳපොළ ප්‍රවේශය, වර්ග අඩි 60,000 ක සම්මානලාභී සම-වැඩ අවකාශයක් සහ සම්මිශ්රිත ප්‍රජා නිර්මාණ ආකෘතියක් හිමි Hatch, Incubator සහ Accelerator වැනි වැඩසටහන් මගින් නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සහය දක්වයි. ආරම්භක ව්‍යාපාර 28 කට සහයෝගය ලබා දෙමින් ඇරඹුණු Hatch ආරම්භ වී වසර 4ක් තුළ ආරම්භක ව්‍යාපාර 500 කට අධික සංඛ්‍යාවකට සහාය ලබා දීමට කටයුතු කර ඇත. මේ අතරින් 37% ක පුර්ව ලියාපදිංචිය තක්සේරු කර ආරම්භක වැඩපිළිවෙළ වේගවත් කර ඇති අතර, එම ව්‍යාපාර අතරින් 33% ක් කාන්තාවන් විසින් මෙහෙයවන හෝ කාන්තාවන් ඉලක්ක කරගත් ව්‍යාපාර වීම විශේෂිත ය.
