
යූනියන් ඇෂුවරන්ස් වෙතින් ගුරුවරයෙකුගේ කැපවීමට උපහාරමය පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ පුරෝගාමී හා ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා මහියංගණය හඳගනාව මහා විද්‍යාලයට ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක් සිදුකළේ ය. එම විද්‍යාලයේ ගුරුවරයෙකු එහි සිසුන්ට රග්බි ක්‍රීඩාව හඳුන්වා දීම සඳහා සිදුකළ සුවිශේෂී කැපකිරීම් වලට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.
මේ ගුරුවරයා නමින් සමින්ද කරුණාරත්න ය. පාසලට පත්වීමක් ලැබී පැමිණි වහාම ඔහු දුටුවේ, එම පාසලේ ක්‍රීඩා කටයුතු අතිශයින් සීමිත බවයි. මීට විසඳුමක් වශයෙන් ඔහු, එම පාසලට රග්බි ක්‍රීඩාව හඳුන්වා දීමට කටයුතු කළේ ය. ඊට පෙර එම පාසලේ සිසුන් අතරින් බොහෝ දෙනෙකුට රග්බි ක්‍රීඩාව පිළිබඳව පැහැදිලි අදහසක් පවා නොතිබිණි.
මෙවැනි පාසලකට රග්බි ක්‍රීඩාවක් හඳුන්වා දීම විශාල අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් බාධක හමුවේ නොසැලී, අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යමින්, කරුණාරත්න මහතා තම පාසලේ රග්බි කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍ය සහය ලබාගැනීමට සමත් විය.
හඳගනාව මහා විද්‍යාලයේ රග්බි කණ්ඩායම, පුහුණුවීම් ආරම්භ කළ වසරේදීම, මධ්‍යම පළාත් කුසලාන අර්ධ අවසාන වටය (14 න් පහළ කාණ්ඩය) සහ ‘Development Rugby Ball’ අර්ධ අවසාන වටය දක්වාම පැමිණියේ බොහෝ දෙනෙකු විස්මයට පත්කරමිනි.
මෙම දරුවන්ගේ හැකියාව සහ, ඔවුන්ගේ යහපත වෙනුවෙන් කරුණාරත්න මහතා සිදුකරන කැපකිරීම් දුටු යූනියන් ඇෂුවරන්ස් සමාගම, මෙම රග්බි කණ්ඩායමට ජර්සි සහ ක්‍රීඩා උපකරණ එකතුවක් පරිත්‍යාග කළේ ය. මේ අතරින් ඇතැම් උපකරණ එම සිසුන් ඊට පෙර දැක තිබුණේද නැත.
“මේ දරුවන් ඉතාම දක්ෂ පිරිසක්. මා කළේ එම දක්ෂතා කරළියට ගෙන ඒමට ඔවුන් දිරිගැන්වීම පමණයි. අපගේ අවශ්‍යතාව හඳුනාගෙන, වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අපට ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මා යූනියන් ඇෂුවරන්ස් සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. අනාගතයේදී වැඩි වැඩියෙන් දක්ෂතා දක්වමින් පාසලට ගෞරවයක් රැගෙන ඒමට මෙම පරිත්‍යාගය මේ සිසුන් දිරිමත් කරනු ඇතැයි කියා මට විශ්වාසයි.” සමින්ද කරුණාරත්න මහතා පැවසී ය.
“යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සවිබල ගැන්වීමයි. කරුණාරත්න මහතා සහ ඔහුගේ උත්සාහයන් ගැන දැනගැනීමට ලැබීම අපට සතුටක් වගේම, එය අප කාටත් වටිනා ආදර්ශයක්. කෙතරම් දුෂ්කරතා පැමිණියත් එම දුෂ්කරතා ජයගනිමින් ඔහු මේ දරුවන්ගේ රග්බි සිහිනය සැබෑ කර දුන්නා. ඔහු වැනි ගුරුවරුන් රටේ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් සිදුකරන මෙහෙවර අතිවිශාලයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා පැවසී ය.
යූනියන් ඇෂුවරන්ස් සමාගම කරුණාරත්න මහතා සහ ඔහුගේ ශිෂ්‍යයන් පිළිබඳ සංවේදී වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වල පළකළ අතර, එයට විශාල ප්‍රතිචාරයක් ලැබිණි. ඉදිරියේදීත් මෙවැනි ආදර්ශමත් පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ගෙන් සමාජයට සිදුවන මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම සඳහා ඔවුන්ට හැකි උපරිමයෙන් සහය ලබාදීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 ජූනි මාසය වන විට රු. බිලියන 15.7 ක් වූ වෙළඳපොළ ප්රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා ‘Great Place to Work©’ ඇගයීමට පාත්‍ර වී ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.
