
යූනියන් ඇෂුවරන්ස් සමාගම රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ ප්රදානය කරයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා ‘Hope’ ව්‍යාපෘතිය යටතේ රිජ්වේ ආර්යා ළමා රෝහලට Baby Bloodlines කට්ටල 100 ක් සහ සෝඩියම් බයිකාබනේට් ඒකක 200 ක් පරිත්‍යාග කළේ ය. මේ දුෂ්කර කාලසීමාවේදී දරුවන්ගේ ජීවිත රැකගැනීම සඳහා සමාගමේ කාර්ය මණ්ඩලය සිදුකළ නොමසුරු පරිත්‍යාගයන් සමගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි.
මේ වනවිට රට තුළ දැඩි ඖෂධ හිඟයක් පවතී. මෙම තත්ත්වය හමුවේ රෝගීන්ට අත්‍යවශ්‍ය වන ඖෂධ සපයා ගැනීමට සෞඛ්‍ය සේවාවට අත්වැලක් වීම සඳහා ඵලදායී මැදිහත් වීමක් සිදුකිරීම අවශ්‍ය බව යූනියන් ඇෂුවරන්ස් සමාගම තීරණය කළේ ය.
මෙම පරිත්‍යාගය සිදුකරන අවස්ථාවේදී අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉම්ටියාස් අනීෆ් මහතා, Hope ව්‍යාපෘතියට දායක වීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය තම ස්තූතිය පළකළේ ය. “යූනියන් ඇෂුවරන්ස් ආයතනික සංස්කෘතිය සෑම විටම කාරුණිකත්වය මුල්කරගත් ආකල්ප ප්‍රවර්ධනය කරනවා. උදාර අරමුණක් මූලික කරගත් මෙම ව්‍යාපෘතිය, මේ දුෂ්කර කලසීමාවේදී දරුවන් රැසකගේ ජීවිත බේරාගැනීමට මහෝපකාරී වේවි.” අනීෆ් මහතා වැඩිදුරටත් පැවසී ය.
“මේ තීරණාත්මක අවස්ථාවේදී රෝහලට අත්වැලක් වෙමින් අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මා යූනියන් ඇෂුවරන්ස් සමාගමට ස්තූතිවන්ත වෙනවා. මෙය අපගේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරන අතරම, අපට සියලුම රෝගීන් භාරගෙන ප්‍රතිකාර කිරීමට අවස්ථාව සලසා දෙන පියවරක්.” රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය පැවසී ය.
බොරැල්ලේ පිහිටි රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලංකාවේ නොමිලේ ප්‍රතිකාර ලබාදෙන විශාලතම ළමා රෝහලයි. ඇඳන් 900 කින් යුත් එම රෝහල මෙරට ජාතික ළමා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සැලකේ.
මෙම පරිත්‍යාගය වෙනුවෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගමට සිය ස්තූතිය පළකරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ සන්තුෂ් සේනාපති මහතා කියා සිටියේ, රජයේ රෝහල් වලට අත්වැලක් වීමට පෞද්ගලික අංශය මෙලෙස කටයුතු කිරීම ප්‍රශංසනීය බවයි. මෙම ව්‍යාපෘතිය යටතේ පරිත්‍යාග කරන ලද්දේ ළමා රෝගීන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන ඖෂධ බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
මෑත කාලයේදී සෞඛ්‍යය සම්බන්ධ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කළේ ය. විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාව තුළ සමාගම විසින් එවැනි වැඩසටහන් රාශියක් සංවිධානය කරන ලදි. රටේ සංවර්ධනයට අත්වැලක් වීම අරමුණු කරගෙන, ප්‍රධාන වශයෙන් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ පරිසරය යන අංශ ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරයන් ක්‍රියාවට නැංවීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව, COVID-19 සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ක්‍රියාවට නංවන ලද වැඩසටහන් මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම සමාගම විසින් අධි-ප්‍රවාහ ඔක්සිජන් යන්ත්‍ර, හදිසි ප්‍රතිකාර ට්‍රොලි, වීඩියෝ ලැරින්ගස්කෝප් සහ වෙන්ටිලේටර් යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රාශියක් පසුගිය කාලය තුළ ජාතික රෝහල් වෙත පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 ජූනි මාසය වන විට රු. බිලියන 15.7 ක් වූ වෙළඳපොළ ප්රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා ‘Great Place to Work©’ ඇගයීමට පාත්‍ර වී ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.
ඡායාරූප:
වමේ සිට: රෝහල් කමිටුවේ භාණ්ඩාගාරික චමින්ද මීගොඩ (රිජ්වේ ආර්යා ළමා රෝහල), පරිපාලන නිලධාරී පී. ජී. විජේසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ සන්තුෂ් සේනාපති (රිජ්වේ ආර්යා ළමා රෝහල), සහ ඖෂධවේදිනී කේ. ඒ. ඩී වසන්තා ගංගා (රිජ්වේ ආර්යා ළමා රෝහල) යන මහත්ම මහත්මීන්
වමේ සිට (යූනියන් ඇෂුවරන්ස් කාර්ය මණ්ඩලය) : බඳවා ගැනීම් සහ සේවක දායකත්ව කළමනාකරු දැහැමි පතිරණ, ප්‍රධාන මානව සමත් නිලධාරී ඉම්ටියාස් අනීෆ්, සහකාර උප සභාපති (අලෙවි බලකා පරිපාලන) චාමිකර කරුණාරත්න, සහකාර කළමනාකාරිනී (බඳවා ගැනීම් සහ සේවායෝජක සන්නාමකරණ) උත්තරා කපුගමගේ සහ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න යන මහත්ම මහත්මීන්
