
ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) වෘත්තීය අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට මුල්‍ය පහසුකම් සැපයීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වෙයි
එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධ දේශීය ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව එම සාමාජිකයින්ට පහසු ගෙවීමේ සැලසුම් යටතේ විශේෂ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග අත්වැල් බැඳ ගෙන ඇත.
මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සිසුන්ට ලබාදෙන සහන අතරට ආයතනයේ පාඨමාලා ගාස්තුවෙන් 90% ක් දක්වා පියවිය හැකි අඩු පොලියට ලබාදෙන අධ්‍යාපන ණය සහ කිසිදු පොලියකින් තොරව පහසු ගෙවීමේ සැලසුම් ඇතුළත් විශේෂ ක්‍රෙඩිට් කාඞ්පත් ඇතුළත් වේ. බැංකුව සඳහන් කරන්නේ මෙම ක්‍රෙඩිට් කාඞ්පත් පහසු ගෙවීමේ සැලසුම් වලට අදාළ වන හැසිරවීමේ ගාස්තු සහ කොමිස් ගාස්තු බැංකුව විසින් අය නොකරන බවයි.
මෙම විශේෂ අධ්‍යාපනික ණය සහ පහසු ගෙවීමේ සැලසුම්, ‘රක්ෂණ සහතිකපත්‍ර පාඨමාලාව’ සහ ‘රක්ෂණ ඩිප්ලෝමා පාඨලාව’ හැදැරීම සඳහා අදාළ වන බවත් මෙම පාඨමාලා එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනය සමග ඒකාබද්ධව පවත්වන බවත් බැංකුව සඳහන් කරයි. එසේම, කොමර්ෂල් බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් ලබාදෙන පදනම් සහ ඩිප්ලෝමා පාඨමාලා ඇතුළුව ඇතුළුවීමේ මට්ටමේ වෘත්තීය විභාග සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සිදුකළ හැකි බවයි.
ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සහ කොමර්ෂල් බැංකුව අතර ඇතිකර ගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකු සමූහයේ ප්‍රධාන අලෙවිකරණ නිළධාරී, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව සෑමවිටම තම ගනුදෙනුකරුවන්ගේ වර්ධනය සහ ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරනවා. එසේම, රටේ සංවර්ධනයට දායකවීමටත් කොමර්ෂල් බැංකුව සෑමවිටම කැප වෙනවා. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ වෘත්තීය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යනය කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග ඇතිකර ගත් මෙම නවතම ඒකාබද්ධතාවය තුළින් වෘත්තීය සංවර්ධනයට අමතරව මෙම ක්ෂේත්රයේ වෘත්තීය විශිෂ්ටත්වය වර්ධනය වනු ඇතැයි ද අපි විශ්වාස කරනවා.’ කොමර්ෂල් බැංකුව මේ ආකාරයන්ම පසුගිය වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ පශ්චාත් උපාධි සිසුන්ට වරණීය පොලී අනුපාත සහ අනිකුත් ප්රතිලාභ සමග අධ්‍යාපනික ණය පහසුකම් ලබාදීමට ඒකාබද්ධ වූ අතර 2020 වසරේදී HCL Technologies Sri Lanka සමාගමේ පුහුණු සාමාජිකයින්ට සහ සේවකයින්ට සහනදායී අධ්‍යාපනික ණය ලබාදීමට අත්වැල් බැඳගන්නා ලදී.
ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 938 ක් ක්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන –
කොමර්ෂල් බැංකුවේ සමූහ ප්‍රධාන අලෙවිකරණ නිළධාරී හස්රත් මුණසිංහ මහතා (මැද) සහ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සභාපති සිතුමිණ ජයසුන්දර මහතා ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් අංශයේ ප්‍රධාන කළමනාකරු නිශාන්ත ද සිල්වා මහතා, බැංකුවේ රිටේල් ප්‍රඩක්ට්ස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා, රිටේල් ප්‍රඩක්ට්ස් සහ ඩිජිටල් චැනල්ස් ප්‍රධානී ප්‍රදීප් බන්දුවංස මහතා, සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ III වරුණ කොලමුන්න මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී උදේනි කිරිදෙන මහතා, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ කවුන්සිල සාමාජික මනුර පෙරේරා මහතා සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ප්‍රයිවට් ලිමිටඞ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ තුෂාර තෝමස් මහතා සහභාගී විය.