
පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් තිරසාර බලශක්ති භාවිතය දිරිගැන්වීමට සූර්ය පැනල රක්ෂණාවරණයක්
තිරසාර හා පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදන ක්‍රමවේදයන් දිරිගැන්වීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අත්වැලක් වීමේ අරමුණින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත නොවන රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. මෙම නව රක්ෂණාවරණය මගින් රට පුරා නිවාස, කාර්යාල හා සූර්ය බලශක්ති උද්‍යාන වල සවිකර ඇති සූර්ය පැනල සඳහා මූල්‍යමය රැකවරණයක් හිමි වේ.
මේ වනවිට රටේ ගොඩනැගිලි වල සූර්ය පැනල සවිකිරීම සහ සූර්ය බලශක්ති නිෂ්පාදන භාවිතය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මෙම නිෂ්පාදන සඳහා සැලකිය යුතු මුදලක් ආයෝජනය කිරීමට සිදුවන නිසා, ඒ වෙනුවෙන් මෙබඳු රක්ෂණාවරණයක් හඳුන්වා දීම බෙහෙවින් කාලෝචිත පියවරකි. තම ආයෝජනයට රටේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වෙතින් රැකවරණය ලැබීම ගනුදෙනුකරුවන්ගේ සිත්වල සැහැල්ලුව ඇතිකරන සාධකයක් වනු නොඅනුමාන ය.
මූලික රක්ෂණාවරණය යටතේ ගිනි, අකුණු, කුණාටු, සුළිසුළං, ගංවතුර, භූමිකම්පා සහ හදිසි අනතුරු මෙන්ම විදුලිය හේතුවෙන් ඇතිවන ගිණි ගැනීම ආදී අවස්ථාවන් හට මෙමගින් ආවරණය ලබාගත හැකි වේ.
අමතර ගාස්තුවකින් තොරව තවත් අතිරේක ආවරණ හඳුන්වා දීමටද පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම සැලසුම් කර ඇති අතර එය ගනුදෙනුකරුවන්ට බෙහෙවින් වාසිදායක වනු ඇත. මේ අතිරේක ආවරණ අතරට, ආවරණය වන හේතුවක් නිසා පැනල වලට හානි වූ අවස්ථාවකදී සුන්බුන් ඉවත් කිරීමේ කුලිය, ගොඩනැගිල්ල හෝ සවිකර ඇති ව්‍යුහයකට හානි සිදුවීම හේතුවෙන් පැනල ඉවත් කිරීම හෝ වෙනත් ස්ථානයක සවිකිරීම සඳහා වැයවන වියදම්, සහ හානි වූ පැනල අදාළ නියෝජිත සමාගමේ නඩත්තු ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේ ගාස්තු යනාදිය ආවරණය වේ.
සාම්ප්‍රදායික සීමාමායිම් ඉක්මවා යමින් ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, මෙම රක්ෂණය යටතේ, වෙනත් පුද්ගලයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා සූර්ය පැනල වලට සිදුවන හානි ආවරණය කිරීමටද කටයුතු යොදා ඇත. තවද, ඉහත සඳහන් උපද්‍රව හේතුවෙන් ගනුදෙනුකරුවෙකුගේ ආදායම අහිමි වූ අවස්ථාවකදී, එම ආදායම් අහිමිවීමද මෙම විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය වේ.
මීට අමතරව බලහත්කාරයෙන් ඇතුළු වී පැනල සොරකම් කිරීම, කැරලි කෝලහල, ත්‍රස්තවාදී ක්‍රියා සහ, මතුපිටින් පෙනෙන පිලිස්සුම් සලකුණු නොමැතිව සිදුවන විදුලි හානි සඳහා ආවරණය ලබාගැනීමට කැමති ගනුදෙනුකරුවන්ට, මූලික වාරිකයට අමතරව නාමික මුදලක් ගෙවීමෙන් එම ආවරණය ලබාගත හැක.
පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකරු (ගිනි හා වෙනත්) උවිඳු පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේ ය. “බොහෝ ශ්‍රී ලාංකිකයන් මේ වනවිට තිරසාර ලෙස බලශක්තිය නිෂ්පාදන කිරීම හෝ භාවිතා කිරීම සඳහා උනන්දු වෙමින් සිටිනවා. මේ සඳහා හොඳම විසඳුම සූර්ය පැනල භාවිතය වුවත්, ඒවා සඳහා වැයවන වියදම සහ ඒවාට හානි වීමේ අවදානම ආදිය නිසා බොහෝ දෙනෙකු සූර්ය පැනල වෙනුවෙන් ආයෝජනය කිරීමට පැකිළෙන බවක් දකින්නට පුළුවන්. අප ආමන්ත්‍රණය කරන්නේ මෙම ගැටලුවයි. මේ වෙනුවෙන්ම සැලසුම් කර ඇති අපගේ නව රක්ෂණ ක්‍රමය මගින් සූර්ය බලශක්තිය වෙනුවෙන් ගනුදෙනුකරුවන් සිදුකරන ආයෝජනයන්ට රැකවරණය ලැබෙනවා.”
මෙම රක්ෂණාවරණය බැංකු සහ මූල්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සූර්ය පැනල යෝජනා ක්‍රමය සමග අත්වැල් බැඳගන්නා අතර, මෙම ණය යෝජනා ක්‍රමය ඔස්සේ සූර්ය පැනල මිලදී ගැනීමට ඉදිරිපත් වන්නන් සඳහා සහන පොලී අනුපාතද සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ විහේෂ ප්රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද හිමිවේ.
සමාජයීය වශයෙන් වගකීම්සහගත රක්ෂණ සමාගමක් ලෙස, පරිසර හිතකාමී සහ බලශක්තිය අතින් කාර්යක්ෂම ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණින් පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම මෙම රක්ෂණ ක්‍රමය නිර්මාණය කර තිබේ. ගනුදෙනුකරුවන්ට හදවතින්ම සේවය සලසමින් ඔවුන්ගේ අවදානම් බෙදාගැනීම සම්බන්ධයෙන් පීපල්ස් ඉන්ෂුවරන්ස් සතු වටිනාකම් වලට සමගාමීව මෙම යෝජනා ක්‍රමය, ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තිරසාරත්වය වෙත පියනැගීමට අත්වැලක් වනු නොඅනුමාන ය.