
Lifebuoy දිවයින පුරා ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවෙයි.
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් සිදුකරන ගුරුවරුන්ට ප්රතිලාභ සැලසීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක නිෂ්පාදන ප්රදානය කරයි.
COVID-19 වසංගතයේ බලපෑමට එරෙහිව සටන් කිරීමේ තවත් පියවරක් සනිටුහන් කරමින් Lifebuoy දිවයින පුරා උසස් පෙළ විභාග පත්‍රිකා ඇගයීම් සිදු කරන සියලුම ගුරුවරුන් වෙනුවෙන් දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක නිෂ්පාදන ප්රදානය කිරීමට කටයුතු කරන ලදී. එහිදී සියලු ගුරුවරුන් සඳහා ප්‍රමාණවත් Lifebuoy දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක නිෂ්පාදන (Lifebuoy hand sanitizer) කට්ටල අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා වෙත අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේදී පිළිගන්වනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා “කිසිසේත් සුළු කොට තැකිය නොහැකි COVID-19 වසංගතයේ බලපෑම හමුවේ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් සිදු කරන කාලය තුළ අපගේ ගුරුවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් Lifebuoy වෙළෙඳ නාමය හරහා සහයෝගය ලබාදීම පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයට අපගේ ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක නිෂ්පාදන ප්රදානය තමන්ගේ විභාග ප්‍රතිපල පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින උසස් පෙළ දූ දරුවන් හට කාර්යක්ෂම සේවාවක් ඉටුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සහාය වනවා. එසේම මේ තුළින් ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය තෘතියික අධ්‍යාපන” වෘත්තීය පුහුණුව හෝ රැකියා යන අවස්ථාවන් ඉක්මණින් තෝරා ගැනීමටත් ඒ වෙත යොමු වී ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කර ගැනීමටත් සිසු සිසුවියන්ට අවස්ථාව උදා වෙනවා. යනුවෙන් පැවසීය.
මෙම පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකාහි Beauty සහ Personal Care අංශයේ අලෙවි අධ්යක්ෂ නිලූෂි ජයතිලක මහත්මිය සඳහන් කර සිටියේ “දිවයින පුරා විසිරී සිටින ගුරු මහත්ම මහත්මීන් ජාතියේ උන්නතිය වෙනුවෙන් ලබා දෙන දායකත්වය අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙරට අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් සිදු කරන රාජකාරීයට එහා ගිය කැපකිරීම වෙනුවෙන් අපි ඔවුන්ට සදා ණය ගැතියි. යහපත් සනීපාරක්ෂක පුරුදු පිළිබඳව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කැපවී කටයුතු කරන සන්නාමයක් ලෙස Lifebuoy රටේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් ගුරුවරුන් විසින් ඉටුකරනු ලබන කාර්ය භාරයෙහි වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. එසේම රට ගොඩනැගීම සඳහා ගුරුවරු විසින් ලබා දෙන දායකත්වය අප හඳුනා නොගන්නේ නම් අපගේ යුතුකම් ඉටුකිරීමට අපොහොසත් වනු ඇත. වසර 82ක කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාඩම්බරයෙන් කැපවූ යුනිලිවර් ශ්‍රී ලංකා වෙත මේ ආකාරයේ සත්කාරයක් ඉටු කිරීමට ලැබීම සුවිසල් වරප්‍රසාදයක් ලෙස සළකනු ලබන අතර ඒ වෙනුවෙන් Lifebuoy දැත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක නිෂ්පාදන බෙදාදීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අපගේ ස්තුතිය පුදකර සිටිනවා.යනුවෙනි.
ඡායාරූපය – Unilever Sri Lankaහි Beauty සහ Personal Careඅලෙවි අධ්යක්ෂ නිලූෂි ජයතිලක මහත්මිය (මැද)විසින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා (වම් පස) වෙත දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක නිෂ්පාදන පරිත්‍යාග කළ අවස්ථාව. එසේම (වමේසිට) Unilever Sri Lankaහි මාධ්‍ය හා මෙහෙයුම් ප්‍රධානී චන්න තෙන්නකෝන් මහතාද ඡායාරූපයේ වේ.