
කොවිඞ්-19 වසංගතය හමුවේ කොමර්ෂල් බැංකුව ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල පෙන්වයි
හානි පූර්ණ ගාස්තු වර්ධනය සහ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පොලී අඩුකිරීම නිසා 2020 තුන්වන කාර්තුවෙහි ලාභ කෙරෙහි ඇතිවූ අහිතකර තත්ත්වය කොමර්ෂල් බැංකුව රජයේ සුරැකුම්පත්වල ආයෝජනයෙන් ලැබූ ලාභ සහ විදේශ විනිමය වෙළෙඳාම් ක්‍රියාකාරකම් වලින් ලැබූ ලැබීම් වලින් අවම කර ගැනීමට සමත්වී තිබේ.
මෙරට ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය විසින් 2020 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය සඳහා රුපියල් බිලියන 55.818 ක සමස්ත මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 11.84% ක වර්ධනයකි. සමූහයේ අනිකුත් ආදායම් රුපියල් බිලියන 5.804 ක සිට රුපියල් බිලියන 12.262 ක් දක්වා දෙගුණයකට වැඩියෙන් වර්ධනය වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන අතර මෙම කාල සීමාව තුළදී ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 36.796 ක් දක්වා 1.02% ක් වැනි සුළු වර්ධනයක් පෙන්වා ඇත.
කොමර්ෂල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළට ඉදිිරිපත් කර තිබෙන මූල්‍ය වාර්තා වලට අනුව භාණ්ඩාගාර බිල්පත්වල සිදුකළ ආයෝජනය මගින් බැංකුව රුපියල් බිලියන 4.658 ක ශුද්ධ ලාභයක් උපයා ඇත. මෙය පසුගිය වසරේ මුල් මාස නමය තුළ මෙම ආයෝජනය මගින් ලැබූ රුපියල් මිලියන 444.754 ක ශුද්ධ ලාභය සමග සසඳන විට දස ගුණයකට අධික වර්ධනයක් ලෙසින් සඳහන් කළ හැකිය. එසේම, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනයෙන් ලැබූ රුපියල් මිලියන 294.249 ක ශුද්ධ අලාභය සලකා බලන මාස නමයක කාලය තුළදී රුපියල් මිලියන 749.059 ක ලාභයක් බවට පරිවර්තනය කර ගැනීමටද බැංකුව සමත්වී තිබේ. එසේම, මෙම කාල සීමාව තුළදී විදේශ විනිමය වෙළෙඳාමෙන් ලැබූ ලාභ 25.2% කින් වර්ධනය වී රුපියල් බිලියන 6.586 ක්වී තිබෙන අතර සලකා බලන කාල සීමාව තුළදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2% කින් අවප්‍රමාණය වීම නිසා බැංකුවේ ඇමරිකානු ඩොලර් සංචිතයෙන් ලැබූ ලාභයද මෙයට දායකවී ඇත.
සලකා බලන කාල සීමාවේදී පොලී අනුපාත අඩුවීම නිසා බැංකු සමූහයේ පොලී වියදම් 7.7% කින් රුපියල් බිලියන 56.240 ක් දක්වා අඩුවී තිබෙන අතර කොවිඞ්-19 සඳහා බැංකුවේ ණයකරුවන්ගේ පොලී අනුපාත අඩුකිරීම නිසා පොලී ආදායම 4.44% කින් රුපියල් බිලියන 93.035 ක් දක්වා අඩුවී ඇත. මේ අනුව, මෙම මාස නමය අවසන් වනවිට ශුද්ධ පොලී ආදායම 1.02% කින් වර්ධනය වී තිබෙන අතර සලකා බලන වසරේ පළමු අර්ධයේදී ශුද්ධ පොලී ආදායම 5.71% කින් පහළ ගොස් තිබියදී මෙම වර්ධනය ලබාගැනීම කැපී පෙනේ. මෙම වර්ධනය ලබාගෙන තිබෙන්නේ තුන්වන කාර්තුවේදී පමණක් ශුද්ධ පොලී ආදායම 14.26% කින් වර්ධනය වීම තුළිනි.
මේ අතර, සලකා බලන මාස නමයක කාලය තුළදී ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම් 11.97% කින් අඩුවී රුපියල් බිලියන 6.760 ක්වී තිබෙන අතර මෙයට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට බලපා තිබෙන අහිතකර තත්ත්වය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව බැංකුවේ ගාස්තු අඩු කිරීමයි.
‘අනිකුත් ව්‍යාපාර මෙන්ම බැංකු වලටත් ගෝලීය වසංගතයට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ වසරේ මුල් මාස නමයේ මූල්‍ය වාර්තා වලින් මේ බව පෙනෙනවා,’ යනුවෙන් නවතම මූල්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සඳහන් කළේය. ‘ණයදීම සහ තැන්පතු භාරගැනීම යන ප්‍රධාන බැංකු කටයුතු වලට මෙම වසංගතයෙන් බාධාවන් ඇතිවී තිබෙනවා. බාහිර බාධාවන් හමුවේ ලාභවල අඩුවීමක් පෙන්නුම් කළද ආයෝජන, වෙළෙඳාම, සේවා සහ අනිකුත් ආදායම් ලැබීමේ ක්‍රියාකාරකම් ඉතාමත් විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කරගැනීම මගින් බැංකුව මූල්‍යමය අතින් ශක්තිමත් මෙන්ම ස්ථාවර ලෙසත් ඉදිරියට ගමන් කරමින් සිටිනවා.’
මෙම මූල්‍ය වාර්තා පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා පැවසුවේ සලකා බලන මාස නමය තුළදී බැංකු සමූහයේ මෙහෙයුම් වියදම් 2.52% ක අඩු වර්ධනයක් සමඟ රුපියල් බිලියන 19.633 ක් දක්වා ඉහළ ගිය බවයි. එසේම, මෙම කාලයේදී ශුද්ධ මෙහෙයුම් ආදායම් 5.50% කින් රුපියල් බිලියන 39.085 ක් දක්වා අඩුවී තිබෙන අතර එයට හේතුව වී තිබෙන්නේ පෙර වසරේ මුල් මාස නමයට සාපේක්ෂව සලකා බලන මාස නමය තුළදී හානි පූරණය සහ අනිකුත් අලාභ වෙනුවෙන් වෙන්කළ යුතු මුදල 95.83% කින් රුපියල් බිලියන 16.733 ක් දක්වා වර්ධනය වීමයි. ‘කොවිඞ්-19 වසංගතයෙන් දරුණු පසුබෑමකට ලක්වූ සංචාරක කර්මාන්තය වෙනුවෙන් අපි අමතර ප්‍රතිපාදන වෙන්කිරීමට කටයුතු කළා,’ යැයි රෙන්ගනාදන් මහතා අනාවරණය කළේය. ඔහු අවධාරණය කර සිටියේ කොමර්ෂල් බැංකුවේ විවිධාංගීකරණය වූ වත්කම් ව්‍යුහය නිසා ඕනෑම අභියෝගයකට ශක්තියෙන් මුහුණදීමට බැංකුවට හැකියාව තිබෙන බවයි.
කොමර්ෂල් බැංකුව විසින් මේ වසරේ මුල් මාස නමයේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ පසුව කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් ණය ගැනුම්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවත් ණය සහන කාලයක් ලබාදී තිබෙන බවද රෙන්ගනාදන් මහතා මෙහිදී සඳහන් කළේය. මේ සඳහා ලබාදෙන අමතර සහන බැංකුව විසින් අවසාන කාර්තුවේ ඉදිරිපත් කරන මූල්‍ය වාර්තා වලට ඇතුළත් කරන බවද ඔහු පැවසීය.
හානි පූරණය සඳහා වැඩි මුදලක් වෙන්කිරීම සහ කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් ණය ගැනුම්කරුවන්ට සහන ලබාදීම නිසා සලකා බලන මාස නමයක කාලය තුළදී කොමර්ෂල් බැංකු සමූහයේ බදු වලට පෙර මෙහෙයුම් ලාභ 12.42% කින් රුපියල් බිලියන 19.452 ක් දක්වා පහත බැස තිබේ. මේ අතර, 2020 ජනවාරි මාසයේදී ණය නැවත ගෙවීමේ බද්ද (DRL) සහ 2019 දෙසැම්බර් මාසයේදී ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) අහෝසි කිරීම නිසා සලකා බලන කාල සීමාව තුළදී මූල්‍ය සේවා මත බදු 44.11% කින් රුපියල් බිලියන 3.060 ක් දක්වා අඩුවී ඇත.
එසේම, සලකා බලන කාල සීමාව තුළදී ආදායම් බදු වලට පෙර ලාභය 2.10% කින් රුපියල් බිලියන 16.394 ක් දක්වා අඩුවී තිබේ. එම කාල සීමාව සඳහා බැංකු සමූහයේ ආදායම් බදු ගාස්තු රුපියල් බිලියන 5.219 ක්වී තිබෙන අතර එය 0.15% ක අඩු වීමකි. මේ අතර, සලකා බලන මාස නමය තුළදී ශුද්ධ ලාභය 2.98% කින් අඩුවී රුපියල් බිලියන 11.175 ක්වී ඇත.
කොමර්ෂල් බැංකුව වෙන්ව ගත්විට මේ වසරේ මුල් මාස නමය තුළදී බැංකුවේ බදු වලට පෙර ලාභය 4.43% කින් අඩුවී රුපියල් බිලියන 15.566 ක්වී තිබෙන අතර බදු වලට පසු ලාභය 5.60% කින් අඩුවී රුපියල් බිලියන 10.595 ක්වී තිබේ.
මෙම කාල සීමාව තුළදී සමූහයේ සමස්ත වත්කම් 2019 දෙසැම්බර් 31 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තුළදී 18.04% කින් හෙවත් රුපියල් බිලියන 254.143 කින් වර්ධනය වී රුපියල් ටි්රලියන 1.663 ක සීමාවට පැමිණ ඇත. මේ අනුව, බැංකු සමූහයේ පෙර මාස 12 තුළ වත්කම් ඊට පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 21.36% කින් හෙවත් රුපියල් බිලියන 292.730 කින් වර්ධනය වී තිබේ.
2019 වසර අවසානයේ සිට බැංකු සමූහයේ දළ ණය සහ අත්තිකාරම් 2.03% කින් හෙවත් රුපියල් බිලියන 18.935 කින් වර්ධනය වී සලකා බලන මාස නමය අවසන් වනවිට රුපියල් බිලියන 949.672 ක් වී ඇත. කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා ලබාදුන් රුපියල් බිලියන 20 කට ආසන්න ණය මෙයට ඇතුළත් වේ. පෙර වසරට සාපේක්ෂව බැංකු සමූහයේ ණය පොත 5.51% කින් හෙවත් රුපියල් බිලියන 49.554 කින් වර්ධනය වී තිබේ.
එසේම, මේ වසරේ මුල් මාස නමය තුළදී බැංකු සමූහයේ සමස්ත තැන්පතු 14.29% කින් හෙවත් රුපියල් බිලියන 152.774 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යක් ලෙස මසකට රුපියල් බිලියන 16.975 ක තැන්පතු වර්ධනයකි. මේ අනුව, 2020 සැප්තැම්බර් 30 වනදා වනවිට බැංකු සමූහයේ සමස්ත තැන්පතු ප්‍රමාණය රුපියල් ටි්රලියන 1.222 ක් දක්වා වර්ධනය වී තිබේ. මීට අමතරව, 2019 සැප්තැම්බර් 30 වනදා සිට බැංකු සමූහයේ තැන්පතු 16.68% කින් හෙවත් රුපියල් බිලියන 174.619 කින් වර්ධනය වී ඇත. එය මසකට රුපියල් බිලියන 14.551 ක සාමාන්‍ය තැන්පතු වර්ධනයකි.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.