
සෙලින්කෝ ලයිෆ් සංධිස්ථානාත්මක 20 වැනි ‘ප්රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි
දශක දෙකක් පුරා මෙරට අනාගත නායකයින් බිහිකිරීම සඳහා රුපියල් මිලියන 166 ක් ආයෝජනය කරමින් සිසුදරුවන් 2,885 කට ප්රතිලාභ ලබාදෙයි
ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන සෙලින්කෝ ලයිෆ් ප්රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන අදියර යටතේ මෙරට තවත් දීප්තිමත් සිසුදරුවන් 160 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 11 කට වැඩි මුදල් ප්රදානය කරන බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කර තිබේ.
අංශ හතරක් යටතේ ප්‍රධානය කෙරෙන ශිෂ්‍යත්ව සඳහා සිසුන්ගෙන් අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විභාග ප්‍රමාද වූ හෙයින් ඒ සඳහා අවසාන දිනය 2021 ජනවාරි 15 වනදා වන බව සමාගම සඳහන් කරයි. මේ වනවිට දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවන් මගින් මෙම අයදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇත.
සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට ප්රතිලාභ ලබාදීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම වැඩසටහන මගින් මේ වනවිට රුපියල් මිලියන 155 ක මුදලක් ප්රදානය කර තිබෙන අතර සිසු දරුවන් 2,725 දෙනෙකුට ප්රතිලාභ ලබාදී තිබේ. මෙම වැඩසටහන දශක දෙකක් සම්පූර්ණ කරන මේ අවස්ථාවේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් බෙදාදෙන සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 166 ක් දක්වාත් ප්රතිලාභ ලබන සිසු දරුවන් සංඛ්‍යාව 2,885 ක් දක්වාත් ඉහළ යනු ඇත.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙය ව්‍යාපාර සඳහා අසීරු කාලයක් වුවත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් ප්රණාම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් සිදුකරන ආයෝජනය අඛණ්ඩවම සිදුකිරීමට අපි අදිටන් කර ගන්නවා. මෙම වැඩසටහන වසර 20 ක් පුරා සිදුකිරීම මගින් මේ වෙනුවෙන් අපි සිදුකරන කැපවීම මනාව පෙන්නුම් කරනවා. ඒ වගේම, ඒ ඒ ක්ෂේත්රවල අපේ රටේ නායකයින් ලෙස ඉස්මතුවන දරුවන්ගේ දක්ෂතාවයන් දිරිගැන්වීම සඳහා මෙම වැඩසටහන මගින් කැපී පෙනෙන කාර්ය භාරයක් සිදුකිරීමට හැකිවීම පිළිබඳව අපි හදවතින්ම සතුටු වෙනවා.’
මෙම ශිෂ්‍යත්ව ප්රදානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරු දැරියන් අධ්‍යාපනික අංශයේදී දැක්වූ දස්කම් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලදී දැක්වූ දස්කම්ද සැලකිල්ලට ගනී. මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ ¥ පුතුනට හා අx පොx ස සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත්‍රික් මට්ටමේ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප්රණාම’ ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග්රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප්රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමේ.
මෙවර ‘ප්රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන දරුවන්ට රුපියල් 120,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් වසර පහකදී මාසික වාරික වශයෙන් හිමිවන අතර මෙවැනි ශිෂ්‍යත්ව 25 ක් මෙවර ලබාදීමට නියමිතය. එසේම, 2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දස්කම් දැක්වූ දරුවන් 25 දෙනෙකුට රුපියල් 84,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් මෙවර හිමිවන්නේ වසර දෙකකදී මාසික වාරික වශයෙනි. මේ අතර, 2019 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී තම දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වූ දරුවන් 25 දෙනෙකුටද සමාගම විසින් රුපියල් 144,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් පිරිනමන අතර එම මුදල වසර තුනකදී මාසික වාරික වශයෙන් ගෙවයි.
2019 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 75 දෙනෙකුට රුපියල් 30,000 බැගින් එක් වරක් ලබාදීමටද සමාගම කටයුතු කරයි.
මීට අමතරව, 2019 සහ 2020 වසර වලදී ක්‍රීඩා, නාට්‍ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන හිමිවන අතර ඒ වෙනුවෙන් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප්රදානය කරයි.
එසේම, ප්‍රධාන ශිෂ්‍යත්ව වැඩසටහන අවසන් වූ පසුව මෙම විභාග තුනේදී දිස්ත්‍රික්ක මට්ටමින් පළමු දස දෙනා අතරට පත්වූ සිසුදරුවන් 600 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ඇගයීමේ සහතිකයක් සහ ත්‍යාග පාර්සලයක් සමාගම විසින් ඔවුන් ගනුදෙනු සඳහා සම්බන්ධ වන ශාඛා වලදී පිරිනමන බව සමාගම සඳහන් කරයි.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. මේ වසරේදී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත්රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.
සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත්රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.
සේයාරු සටහන –
සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා (වම් සේයාරුව, දකුණේ කෙළවරේම) අතින් ශිෂ්‍යයෙක් ප්රණාම ශිෂ්‍යත්වයක් ලබාගත් අයුරු සහ පසුගිය වසරේ ‘ප්රණාම’ ශිෂ්‍යත්ව ලැබූ ශිෂ්‍යයින් පිරිසක්.