
සෙලාන් වර්ල්ඩ් මාස්ටර්කාඩ් හඳුන්වාදෙයි
මුළු ලොවම ඔබේ ඇඟිලි තුඩට
මෙරට පාරිභෝගික-කේන්ද්‍රීය මුල්‍ය ආයතනයක් ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් සෙලාන් බැංකුව ක්‍රෙඩිට් කාඩ්පත් පෙළ පුළුල් කිරීමේ අරමුණින් සුවිශේෂී සෙලාන් වර්ල්ඩ් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දුන්නේය.
සෙලාන් ප්‍රිමියර් ක්‍රෙඩිට් කාඩ්පත් අත්දැකීම හරහා පාරිභෝගිකයන් හට පුළුල් පරාසයක විහිදුනු 800 කට අධික වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රමාණයකින් සුඛෝපභෝගී සේවාවක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාකර ඇත. සාප්පු සවාරි ලෝලීන් හට දැන් කීර්තිමත් හවුල්කරුවන් රැසකගෙන් එම සුවිශේෂී අත්දැකීම හිමිකර ගත හැකි අතර කීල්ස් සුපර් වෙතින් සති අන්තයේ රු. 3000 කට වැඩි මිලදී ගැනීමක් සඳහා 20% ක වට්ටම ද, සෙලාන් ප්‍රිමියර් ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඉන්ධන මිලදී ගැනීමේදී සෑම මසකම 1% ක මුදල් ආපසු ලබාදීම ද එම දීමනා අතර වේ.
මෙම සුවිශේෂී ප්‍රතිලාභවලට අමතරව, ලෝයල්ටි ලකුණු මගින් මුදල් ආපසු ලබාදීමේ ක්‍රමවේදය සහිත වර්ල්ඩ් මාස්ටර්කාඩ් පතක් හඳුන්වා දුන් එකම බැංකුව ද සෙලාන් බැංකුවයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂිත නිෂ්පාදන සහ සේවා හිමිකර ගැනීම සඳහා පාරිභෝගිකයන් තුළ පවතින අවශ්‍යතාව සපුරාලීමට සෙලාන් බැංකුව වර්ල්ඩ් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත සමගින් හිමිකර දෙන දීමනා තවදුරටත් පුළුල් කර ඇත. ගෝලීය ගුවන් තොටුපොළ භාරකාර සේවාව, ‘Boingo Wifi’ සේවාව, සුවිශේෂී ගමනාන්ත LIMO සේවා, Lounge Key වැඩසටහනට සහභාගී වීමේ අවස්ථාව, ගෝලීය වෛද්‍ය සේවා සඳහා ප්‍රවේශය, සුවිශේෂී ගොල්ෆ් අත්දැකීම්, ආකර්ෂණීය ගමන් රක්ෂණාවරණ ආදී ප්රතිලාභ රැසක් මෙමගින් හිමිකර ගැනීමට කාඩ්පත් හිමියන්ට හැකිවේ.
ජීවිතය උපරිමයෙන් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට හිමිකර දෙමින් ඔවුන්ට නැවුම් අත්දැකීමක් හඳුන්වා දීමේ පුරෝගාමියෙකු ලෙස සෙලාන් බැංකුව කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම අගයක් සහ උපරිම ඉතිරියක් හිමිකර දෙන ‘තමන් ළඟම සිටිය යුතු මුල්‍ය සහකරුවෙකු’ ලෙස සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ඇත.
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, පාරිභෝගිකයන් හට උපරිම බැංකුකරණ සේවාවක් පිරිනැමීම සඳහා සිය නොසැලෙන කැපවීම සෙලාන් වර්ල්ඩ් මාස්ටර්කාඩ් හඳුන්වා දීමත් සමග යළිත් තහවුරු කර ඇත. ශීඝ්‍රයෙන් වර්ධනයවන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට ද සෙලාන් කණ්ඩායම අඛණ්ඩව කැපවී සිටී.
සෙලාන් පිර්මියර් කාඩ්පත් අත්දැකීම පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පාරිභෝගිකයන් කළ යුත්තේ +94 112008877 ප්‍රිමියර් ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම හෝ premiercards@seylan.lk වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීම පමණි.