
ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පතක් සමග සම්බන්ධ කළ ‘Cash on FD’ පහසුකමක් කොමර්ෂල් බැංකුව හඳුන්වා දෙයි
තැන්පතුකරුවන්ට ඔවුන්ගේ ස්ථාවර ගිණුම් වලට සම්බන්ධ කර තිබෙන ඩෙබිට් කාඞ්පතක් හෝ ක්‍රෙඩිට් කාඞ්පතක් මගින් තැන්පතුවේ වටිනාකමට ගැලපෙන ලෙස මුදල් ලබාගත හැකි ‘Cash on Fixed Deposits’ නැමති පහසුකමක් කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී ඇත.
ස්ථාවර තැන්පතු ගනුදෙනුකරුවන් මුහුණදෙන බලාපොරොත්තු නොවන මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙම පහසුකම විශේෂයෙන්ම සැලසුම් කර හඳුන්වා දුන් බව බැංකුව සඳහන් කරයි.
මේ අනුව, හදිසි අවස්ථාවකදී ‘Cash on FD’ පහසුකම ලබාගත් ගිණුම් හිමියන්ට තමන්ගේ එකතුවූ පොලී ආදායම් අහිමි නොකර ස්ථාවර ගිණුම පවත්වා ගෙන යාමට අවකාශය ලැබේ.
වසරක් හෝ එයට වැඩි කාලයක් වෙනුවෙන් රුපියල් 100,000 ක අවම මුදලක් යොදාගනිමින් ස්ථාවර ගිණුමක් විවෘත කරන ගනුදෙනුකරුවන්ට හඳුන්වාදෙන ඩෙබිට් කාඞ්පත මගින් ස්ථාවර තැන්පතු වටිනාකමින් 90%ක් දක්වා මුදල් ආපසු ලබාගනිමින් මෙම ‘Cash on FD’ පහසුකම මගින් ප්රතිලාභ ලබාගත හැකියි.
මෙම පහසුකම ඩෙබිට් කාඞ්පතක් මගින් භාවිතා කිරීමට තීරණය කළවිට බැංකුව විසින් රුපියල් 300 ක් වැනි වට්ටම් කළ මිලකට ක්ෂණික ඩෙබිට් කාඞ් පතක් නිකුත් කරනු ඇත. මෙම පහසුකම සඳහා අමතර ගාස්තුවක් බැංකුව විසින් අය නොකරයි.
ගනුදෙනුකරුවන්ට ඩෙබිට් කාඞ්පත වෙනුවට තම ගිණුමේ වටිනාකමෙන් 75% ක් දක්වා සීමාවකට යටත්ව මුදල් වැයකිරීම සඳහා ක්‍රෙඩිට් කාඞ්පතක් ලබාගත හැකි බව ද බැංකුව සඳහන් කරයි. ඒ අනුව, ස්ථාවර තැන්පතුවෙන් මුදල් ලබාගැනීමට අමතරව ක්‍රෙඞ්ට් කාඞ්පත් සඳහා තිබෙන ප්‍රතිලාභද මෙහිදී ගනුදෙනුකරුවන්ට ලබාගත හැකිබව බැංකුව පවසයි. ගනුදෙනුකරුවා ක්‍රෙඩිට් කාඞ්පතක් ලබාගැනීමේදී සම්බන්ධවීමේ ගාස්තුවක් නොගෙවිය යුතු අතර ස්ථාවර තැන්පතුවේ සම්පූර්ණ කාලය තුළදී වාර්ෂික ගාස්තුවක්ද ගෙවිය යුතු නැත.
බැංකුව සඳහන් කරන්නේ අවම තැන්පතු මුදල තිබෙන අවුරුදු 18 කට වැඩි ඕනෑම අයෙකුට ‘Cash on FD’ පහසුකම ආරම්භ කිරීමට අයදුම් කළ හැකි බවයි.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.