
සෙලාන් බැංකුව සුවිශේෂී වට්ටම් රැසක් පිරිනැමීමට PickMe සමග අත්වැල් බැඳගනී
සෙලාන් බැංකුව සියලු ම සෙලාන් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්හිමියන් හට අසමසම වට්ටම් රැසක් පිරිනැමීම සඳහා මෙරට ප්‍රමුඛත ම ප්‍රවාහන සේවා සම්පාදකයෙකුවන PickMe සමග අත්වැල් බැඳගනී.
ඒ අනුව 2020 දෙසැම්බර් මස 31 වනදා දක්වා සෙලාන් කාඩ්පත්හිමියෙකුට මසකට PickMe ගමන් දෙකක් සඳහා රු. 100 ක වට්ටමක් හිමිවේ. මෙම වට්ටම හිමිකර ගැනීම සඳහා සෙලාන් බැංකු කාඩ්පත්හිමියන් කළ යුත්තේ PickMe යෙදවුමේ ගෙවීම් ක්‍රමය ලෙස සෙලාන් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත ඇතුළත් කිරීම පමණි. ඒ හරහා අතින්-අතට මුදල් සංසරණය කිරීමෙන් වැළකී වඩාත් පහසුවෙන් සහ විශ්වසනීය අයුරින් සිය ගෙවීම් කළ හැකි අතර වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාව ද පාරිභෝගිකයන් හට උදා වේ. PickMe සේවාව මගින් පිරිනමනු ලබන ප්‍රවාහන, ආහාර-පාන හෝ වෙනත් ඕනෑම සේවාවක් සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන වලංගු වේ.
සිය පාරිභෝගික ජනතාවට වඩාත් අගනා මුල්‍ය සේවා අත්දැකීමක් පිරිනැමීම සඳහා තම බැංකුව හා සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කිරීමට සෙලාන් බැංකුව අඛණ්ඩව කැපවී සිටී. සෙලාන් කාඩ්පත් වසර පුරාම උපරිම අගයක් සහ ඉතිරියක් හිමිකර දෙමින් කාඩ්පත්හිමියන් හට පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවා රැසක් ආවරණය කරන ‘අත්‍යවශ්‍ය කාඩ්පතක්’ ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, නවීන තාක්ෂණය, නවෝත්පාදන සේවා සහ විශිෂ්ටත ම පාරිභෝගික සේවාව සමඟින් සිය අගනා පාරිභෝගිකයන් හට අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබා දීමේ දැක්ම අනුව කටයුතු කරයි. ශීඝ්‍රයෙන් වර්ධනයවන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු ශාඛා 172 ක් ද, ATM ඒකක 215 ක් ද සමඟින් සිය ජාලය තවදුරටත් පුළුල් කර ඇත. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A(lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර, මේවන විට S&P Dow Jones SL 20 දර්ශකයට ද ඇතුළත්ව සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.