
පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම ඉ-ක්‍රීඩා ක්ෂේත්රයට පා තබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෙටි ආහාර අවන්හල් ජාලයට හිමිකම් කියන පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම, මෙරට ඉ-ක්‍රීඩා (Esports) ලෝලීන් වෙනුවෙන් විශේෂ තරග ඉසව් දෙකක් සංවිධානය කරමින්, පළමු වරට ඉ-ක්‍රීඩා ක්ෂේත්රයට පිවිසෙන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව “P&S PUBG Mobile Series” තරගය හරහා PUBG Mobile ක්‍රීඩා තරගයක් සංවිධානය කෙරෙන අතර එහිදී පළමු ජයග්‍රාහකයින් 8 දෙනාට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග හිමි වේ. දෙවැනි තරගය වන “P&S Mobile Contenders” හිදී තවත් ජනප්‍රිය ඉ-ක්‍රීඩා දෙකක් වන Free Fire හා Call of Duty Mobile (Multiplayer) ජයග්රාහකයින්ට රුපියල් 50,000ක් හිමි වේ.
වර්ෂ 1902දී ආරම්භ වුණු පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරය, වසර 118ක් මුළුල්ලේ දිවයින පුරා ශ්‍රී ලාංකිකයින්ට ආහාර සැපයීමට කටයුතු කර තිබේ. මෑතකදී අන්තර්ජාල ඇණවුම් සඳහා ද ඉඩකඩ ලබාදෙමින්, එමෙන්ම PickMe හා Uber Eats හා එක්ව ආහාර බෙදාහැරීම් ජාලය පුළුල් කරගනිමින් සහ තරුණ පාරිභෝගිකයන්ට ගැලපෙන ආහාර වර්ග පිරිනමමින් තම සේවාව නවීකරණය කිරීමට ද පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම පියවර ගෙන ඇත.
වර්තමානයේදී ඉ-ක්‍රීඩා සඳහා දැඩි ඇල්මක් දක්වන තරුණ පිරිස් හා තරුණ වැඩිහිටියන් වෙත තම ව්‍යාපාර සන්නාමය වඩාත් සමීප කිරීමේ අදහසින් Gamer.LK සමඟ අත්වැල් බැඳ ගැනීමට සමාගම පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉ-ක්‍රීඩා සඳහා නිල පිළිගැනීමක් ලැබී ඇති අතර මෙරට වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩා ක්ෂේත්රය ලෙස ද එය හැඳින්වේ. ඇස්තමේන්තුගත වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ ඉ-ක්‍රීඩා හි යෙදී සිටින පිරිස මිලියන 3ක් පමණ වේ. සෑම වසරකදීම සංවිධානය කෙරෙන ඉ-ක්‍රීඩා තරගාවලි සඳහා දහස් ගණන් පිරිසක් සක්‍රීයව සහභාගී වීම ද කැපීපෙනේ.
“අපි විශ්වාස කරන ආකාරයට සෑම ක්‍රීඩා ක්ෂේත්රයක ම අනාගතය බවට ඉ-ක්‍රීඩා පත්වේවි. එනිසා Gamer.Lk සමඟ ඇතිකරගත් මේ සහයෝගීතාව පිළිබඳ අපි බෙහෙවින් සන්තෝෂයට පත්වෙනවා. විශේෂයෙන් මි කාන්තාවන් ඇතුළු විවිධ වෘත්තීන්හි නියැළෙන, විවිධ සමාජ තල නියෝජනය කරන බොහෝ දෙනෙක් ඇද බැඳ ගැනීමේ හැකියාව ඉ-ක්‍රීඩා සතුයි. කොවිඩ්-19 කාලසීමාවේදීත් ඉ-ක්‍රීඩා හරහා තමන්ගේ නිවසේ සිටියදී ම ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නිල ක්‍රීඩාවක් ලෙස ඉ-ක්‍රීඩා පිළිගනු ලැබුවහොත් ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීම වෙනුවෙනුත් අපි කැපවෙනවා. එසේ ඔලිම්පික් තරගාවලිය සඳහා ඉ-ක්‍රීඩා එක් කරගැනීම වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගය මගින් කරුණු දැක්වීමටත් අපි අපේක්ෂා කරනවා” යනුවෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ගිහාන් පෙරේරා මහතා පැවසීය.