
INSEE සිමෙන්ති සමාගමේ මෙරට නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ගුස්ටාවෝ නවාරෝ මහතා පත්වෙයි
INSEE සිමෙන්ති සමාගමේ මෙරට නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ගුස්ටාවෝ නවාරෝ මහතා 2020 සැප්තැම්බර් 1 වැනිදා සිට පත් කර තිබේ. ඔහුට පෙර INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට වශයෙන් වසර 3 1/2ක් කටයුතු කළ නන්දන ඒකනායක මහතා එම කාලය තුළ අනපේක්ෂිත වෙළෙඳපොළ තත්ත්වයන් හා විවිධ සමාජ, ආර්ථික අභියෝග හමුවේ ඉතාමත් සාර්ථකව සමාගම මෙහෙයවීමට සමත් වූ අතර, ඉදිරියටත් අධ්යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස ඔහු තම සේවය සමාගමට ලබාදෙනු ඇත.

මීට පෙර සර්බියාවේ සහ රුසියාවේ හොල්සිම් සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර මෙන්ම රුමේනියාවේ CRH සිමෙන්ති අනුබද්ධ සමාගමේ ද ප්‍රධාන විධායක නිලධාරී තනතුර හෙබවූ නවාරෝ මහතා, ඉදිකිරීම් හා ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත්රයේ දීර්ඝ කාලීන අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. ආජන්ටිනියානු සම්භවයක් ඇති ඉතාලි ජාතිකයෙක් වන ඒ මහතා දශක දෙකක් මුළුල්ලේ ප්‍රධාන පෙළේ සමාගම්හි නායකත්ව තනතුරු දරා ඇත. එම පසුබිම තුළ වර්තමාන පශ්චාත් කොවිඩ් සමයේ වර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සිමෙන්ති ව්‍යාපාරයට විශාල ශක්තියක් එක්කිරීමට ඔහුට හැකිවනු නිසැක ය.
පර්යේෂණ හා නවෝත්පාදන වෙනුවෙන් ආයෝජනය කරමින් ද, කර්මාන්ත ක්ෂේත්රය තුළ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ද මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය තුළ තිරසාර නිෂ්පාදන හා විසඳුම්, ක්‍රියාවලි සහ භාවිතාවන් හඳුන්වා දීමට INSEE සිමෙන්ති සමාගම පෙරමුණ ගෙන තිබේ. මෙම නායකත්ව වෙනස සමඟ වුව ද INSEE සමාගමේ එම භූමිකාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනු ඇත.