
DSI පිය සටහන් රට වටා
පාරිභෝගික පහසුව උදෙසා දිවයින පුරා නව ප්රදර්ශනාගාර 4ක් සහ නවීකරණය කළ ප්රදර්ශනාගාර 2ක්
ඞී. සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම පසුගිය මාස කිහිපය ඇතුලතදී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් නව ප්රදර්ශනාගාර 4 ක් ස්ථාපිත කළ අතර තරගකාරී වෙළෙඳපොළ අවශ්‍යතාවයනට අනුකූලවන ආකාරයෙන් පැරණි ප්රදර්ශනාගාර 2 ක් නවීකරණය කර නැවත විවෘත කරන ලදී. මෙම ප්රදර්ශනාගාරයන් කාන්තා, පිරිමි හා ළමා සියල්ලන්ටම ඕනෑම අවස්ථාවකට ගැලපෙන ආකාරයේ විවිධ මාදිලියන්ගෙන් පාවහන් හා ඇඳුම් පැළඳුම් විලාසිතා රැසකින් සමන්විතය. පාරිභෝගික අවශ්‍යතාවන් ඉටුකරදීමෙහිලා සුහද කාර්යක්ෂම සේවාවක නියැලි සුදුසුකම්ලත් වෘත්තීයවේදී කාර්යමණ්ඩලයක් මෙම ප්රදර්ශනාගාරයන්හි සේවයේ අනියුක්ත කොට ඇත.
මීගමුවේ ග්‍රීන්ස් පාරේ අංක 80 දරණ ස්ථානයේ, හැටන් නගරයේ මහා වීදියේ අංක 35 දරණ ස්ථානයේ, ඇල්පිටියේ මහා වීදියේ අංක 74 දරණ ස්ථානයේ මෙන්ම වලස්මුල්ල නගරයේ වීරකැටිය පාරේ අංක 15 දරණ ස්ථානයේ මෙම නවතම DSI ප්රදර්ශනාගාර දැන් විවෘතය. පිළියන්දල හොරණ පාරේ අංක 7 දරණ ස්ථානයේ පිහිටි පිළියන්දල DSI ප්‍රදර්ශනාගාරයත් නුවරඑළියේ නව බසාර් වීදියේ අංක 36 දරණ ස්ථානයේ පිහිටි නුවරඑළිය DSI ප්‍රදර්ශනාගාරයත් නවීකරණය කොට නැවත විවෘත කෙරිණ.
නව ප්රදර්ශනාගාර විවෘත කිරීමේ අවස්ථාවන් ඞී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ විශ්‍රාමලත් සභාපති නන්දදාස රාජපක්ෂ මහතා සහ ඞී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ තුසිත රාජපක්ෂ, අධ්‍යක්ෂිකා කෞෂල්‍යා පෙරේරා, අධ්යක්ෂ අසංක රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු ඞී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාරිත්ව මණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
ශ්‍රී ලංකාවේ විශාලතම පාවහන් අලෙවි ප්රදර්ශනාගාර ජාලය වන ඞී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම, DSI, Supersport, Beat, Beach, Waves, Samsons, Ranpa, Petalz, Fun Souls, Tamik, Jessica සහ AVI යනාදී දේශීය පාවහන් සන්නාමයන්ගේ නිෂ්පාදනයන් මෙන්ම Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Arrow, W සහ Aurelia යනාදී අනගි ජාත්‍යන්තර සන්නාමයන් රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.

