
AIA ඉන්ෂුවරන්ස් හී වාර්ෂික සමුළුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ !
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරක් පාසා අති උත්කර්ෂවත් අන්දමින් වාර්ෂික ආයතනික සමුළුවක් පවත්වා පසුගිය වසර පුරාවට සිය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විශිෂ්ට කාර්යසාධනය ඇගයුමට ලක්කරනු ලබයි. මෙම උත්සවය සමාගමේ දින දර්ශකය තුළ වඩාත්ම වැදගත් කමක් ගන්නා අතර සමාගමේ සාර්ථකත්වය උදෙසා කාර්ය මණ්ඩලයේ දායකත්ව වෙනුවෙන් මෙදින දී ඔවුන් සම්මානයෙන් පිදුම් ලබයි.
මේ වසරේ දී Covid-19 හේතුවෙන් මෙම උත්කර්ෂවත් උත්සවය පැවැත්වීමට නොහැකි වුවත්,කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන්ට හිමි සම්මාන ලබා දීමට සමාගම කටයුතු කළේය. ඒ අනුව ප්‍රථම වරට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ 2020 AIA ඉන්ෂුවරන්ස් ආයතනික වාර්ෂික සමුළුව, නොබෝදා AIA හි ප්‍රධාන කාර්යාලයේ සිට දිවයින පුරා පිහිටි සියළුම AIA කාර්යාල වෙත විකාශනය කරන ලද අතර සියළු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඊට සහභාගී වූහ.
මෙම සමුළුව මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා මහත්මිය සමගින් අධ්යක්ෂ, ප්‍රධාන නිලධාරී නීති, මෙහයුම් සහ භාහිර සබදතා, චතුරී මුණවීර මහත්මිය විසින් මෙහෙයවන ලද අතර සාමාන්‍යයෙන් මෙම උළෙලේ දී සිදුවන අයුරින් ප්‍රධාන විධායක නිලධාරී නික් අද්වානි සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ විසින් පසුගිය වසරේ සමාගම ලැබූ ප්‍රගතිය පිලිබඳ සමාලෝචනය කල අතර ඉහළ කාර්ය සාධනයක් දැක්වූ සාමාජිකයින් සහ කණ්ඩායම් අගයමින් ඔවුනට සම්මාන ප්රදානය කරන ලදී.
මෙහිදී AIA වාර්ෂික ඩිජිටල් සමුළුව වඩාත් වර්ණවත් කරමින්, ‘Black’ සංගීත කණ්ඩායමේ රනිල් අමීර්ත්යියාගේ සංගීතමය අංගයක් ඔස්සේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ආශ්වාදයක් ගෙනදීමට කටයුතු සලසා තිබුණි. සියළු දෙනා එකා වන්ව එක්වී මෙම ඩිජිටල් සමුළුවට දිවයින පුරා ඇති කාර්යාල හරහා සහභාගී වූ අතර AIA හි සේවය කරන සැමට මෙය නවමු අත්දැකීමක් විය.