
සම්පූර්ණයෙන් නවීකරණය කළ කොළඹ රාජකීය විද්‍යාලයේ නව HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය නැවත සිසු අයිතියට
සිය න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යමින් තරුණ ශ්‍රී ලාංකිකයින් අතර ඉතිරි කිරීමේ පුරුදු දිරිමත් කිරීමේ ප්රයත්නයන්ට ශක්තියක් වෙමින් දිවයිනේ ප්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට වඩාත් ගෞරවනීයම පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමෙන් පසු පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
මෙම නව ඒකකය පාසලේ පැවති විශේෂ උත්සවයක් අතරතුර විවෘත කරන ලද අතර කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති, බී. ඒ. අබේරත්න මහතා සමඟ HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා, රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති, වී. එස්. ගුණතිලක මහතා, පාසලේ අංශ භාර ප්‍රධානීන්, සංවර්ධන සමිතිවල ප්‍රධානීන්, ගුරුවරුන් හා සිසුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි විය.
‘‘පාසලේ විවෘත කරන ලද මෙම නවතම HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකයත් සමඟ මෙම වැදගත් සන්ධිස්ථානමය අවස්ථාව සැමරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. අනාගතය වඩාත් සාර්ථක කරගැනීම සඳහා පාදක වන නව තාක්ෂණයන්ට හුරු කරවමින් හා මූල්‍ය වශයෙන් වගකිව යුතු හා ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම වැනි ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය කුසලතා පිළිබඳව මූලික ආරම්භයක් HNB හි සහාය ඇතිව, සිසුන්ට ලබා දීමට අපට දැන් හැකිව තිබෙනවා,’’ යනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති, බී. ඒ. අබේරත්න මහතා පැවසුවේය.
‘‘අතිනවීන HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය විවෘත කිරීම ඇත්තෙන්ම මටත් මගේ සහෝදර රාජකීය විද්‍යාලීය ආදී ශිෂ්‍යයින්ටත් ගෞරවයක්. ඩිජිටල්කරණයත් සමඟ අනාගත බැංකු හා මූල්‍ය ක්ෂේත්රය ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. මෙම ඒකක හරහා රාජකීය විද්‍යාලයේ සිටින අපගේ අනාගත නායකයින්ට මෙම පද්ධති පිළිබඳ ගැඹුරු හා පූර්ව අත්දැකීමක් ලබා දීමට අපට හැකියි. මේ ආකාරයට, ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන්ගේ ජීවිතය පුරාවටම මූල්‍ය සාර්ථකත්වය උදෙසා ශක්තිමක් අඩිතාලමක් සකසා දීමට අප බලාපොරොත්තු වනවා,’’ යනුවෙන් HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.
රාජකීය විද්‍යාලීය ශිෂ්‍ය සංවර්ධන සමිතිය (Student Development Society) විසින් පාසල් පරිශ්‍රයේ පිහිටි මෙම HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය නවීකරණයට හා සංවර්ධනය කිරීමට බැංකුවට අඛණ්ඩ සහාය ලබා දෙන ලදී. මීට අමතරව, මෙම ශිෂ්‍ය ඉතුරුම් ඒකකය HNB හි කොල්ලූපිටිය පාරිභෝගික මධ්‍යස්ථානය විසින් කළමනාකරණය කරනු ඇත.
