
ලිට්රෝ ගෑස් පිරිසිදු බලශක්තිය භාවිතය මඟින් ගෘහස්ථ වායු දුෂණය වැළැක්වීමට දායක වෙයි.
ආහාර පිසීම සඳහා පිරිසිදු බලශක්තිය උපයෝගී කර ගැනීම ලෝක ප්‍රජාවගේ අවශ්‍යතාවයක් වන නමුත් සෑම වසරකම මිලියන 4 ක ජනතාවක් ගෘහස්ථ වායු දූෂණයෙන් මිය යන බව ලෝක LPG සංගමයේ (WLPGA) දත්තයන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ LPG බලශක්ති කෂේත්රයේ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ආහාර පිසීම සඳහා පිරිසිදු බලශක්තිය භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව වැදගත් මෙහෙවරක් ඉටු කිරීමට කවදත් බැඳී සිටියි.
වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට LPG මිලදී ගැනීමේ අවස්ථාව වැඩි කරමින් ගෘහස්ත වායු දූෂණය වළක්වාලීම හා ඒ ආශ්‍රිතව හට ගන්නා නොයෙකුත් සංකූලතා ඇතිවීමේ අවදානම අවම කිරීමට ලිට්රෝ ගෑස් සමාගම අවධානය යොමු කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංගමය නියම කල පිරිසිදු වාතය සහ ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර් මස සැමරු අතර පිරිසිදු බලශක්තිය භාවිතා කිරීමට වැඩි වශයෙන් යොමුවීම අප සියලු දෙනාගේම වගකීමවේ.
ලොව පුරා බිලියන 3කට වැඩි ජනතාවක් දර, භූමිතෙල් හා ගල් අඟුරු වැනි ඉන්ධන තවමත් භාවිතා කරන නිසා ගෘහස්ථ වායු දුෂණය වැඩි ඇත. එය හෘද රෝග, පෙනහළු, පිළිකා සහ නියුමෝනියාව වැනි බෝ නොවන රෝගී තත්වයන් ඇතිවීමට හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO)දත්ත පෙන්වා දෙයි. එම සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව ගෝලීය රෝග වලින් 5% ක ප්‍රතිශතයක් ගෘහස්ථ වායු දූෂණය නිසා හට ගන්නා බවද සඳහන්වේ.
පාරිසරික තිරසාරභාවය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මුලධර්ම අනුගමනය කරන ලිට්රෝ ගෑස් පාරිසරික කළමනාකරණ පද්ධතිය සඳහා පරිසරයට සිදුවන බලපෑම අවම කරන ආයතනවලට ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන කීර්තිමත් ISO 14001: 2015 සහතිකයද හිමි කර ගෙන ඇත.