
දිවයිනේ අංක එකට පැමිණි සිසුවාගේ උසස් ඉංජිනේරු අධ්‍යාපනයට සහය ලබාදීම වෙනුවෙන් Samsung Sri Lanka ආයතනය නවතම Galaxy Tab S7+ එකක් තිළිණ කරයි
2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ පළවෙනියා වූ අති දක්ෂ ඉංජිනේරු ශිෂ්‍ය විනුර ඕසඳ ගාල්ලගේ සිසුවාට Samsung Sri Lanka ආයතනය විසින් Samsung Tab S7+ එකක් තිළිණ කළේය. උද්යෝගිමත් Samsung සන්නිවේදන උපකරණ භාවිතා කරන්නෙකු මෙන්ම අති දක්ෂ සිසුවෙකු වූ ඔහු විභාගයට සූදානම්වීමට අවශ්‍ය සියලු අධ්‍යන කාර්යයන් Samsung eco-system එකට අයත් උපකරණ යොදාගෙන වඩාත් සාර්ථකව සිදුකර තිබේ.
ඔහුගේ ඉල්ලීමකට වගේම උසස් ඩිජිටල්කරණ පහසුකම් හරහා සහජ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ සිය දැක්ම පෙරදැරි කොට ගෙන Samsung ආයතනය විසින් විනුරගේ උසස් ඉංජිනේරු තාක්ෂණ අධ්‍යයනයන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික ආධාරයක් ලෙස Galaxy Tab S7+ එකක් ඔහුට ලබාදුන්නේය.
120Hz display සහයෝගය සමඟ අඟල් 12’4ක විශාල ප්‍රමාණයේ display එක රූප තීව්‍රතාවය ගුණාත්මකව වැඩිකරයි සහ කාර්යක්ෂමතාවය වර්ධනය කරයි. මෙහි ඇති වෙනත් වටිනා විශේෂාංග වන්නේ Samsung DEX” PDF මත ලිවීම” ඡායාරූප ලබාගැනීම සහ ඒවා මත ලිවීම” ක්ෂණික කටු සටහන් තබාගැනීම” pop-up windows භාවිතා කිරීම” air command menu එක ඇතුළු කාර්යක්ෂමතාවය වැඩිකරන විශේෂාංග කිහිපයකින් එය සමන්විත වී තිබේ.
මීට අමතරව වැඩිදියුණු කළ S-Pen විශේෂාංගය මඟින් tablet තිරය මත ඇඳීම හෝ ලිවීම සිදුකිරීමේ දී මින් පෙර නොවිඳි සුවිශේෂී පහසු බවක් දැනේ. එසේම Galaxy Tab S7+ එක සතුව දිගුකල් පවතින බැටරියක් තිබේ. S-Pen එකේ ඇති Bluetooth function විශේෂාංගය හරහා ඔබට විශාල තිරයක් පාලනය කරමින් අවශ්‍ය පරිදි Presentation එකක් ඉදිරිපත් කිරීමට හැකියාව වගේම ඇප්ස් තුනක් එක පාර විවෘත කරගෙන ඒවා අතර එහාට මෙහාට මාරුවෙමින් බහුකාර්ය භාරයක් කිරීමේ හැකියාව පවතී.
වත්මන් තත්ත්වය තුළ විද්‍යුත් අධ්‍යාපනය සමාජය තුළ යාවත්කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. සිසුන්ට තමන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සහය ලබාගැනීමට උවමනාකරන ප්‍රබල සන්නිවේදන තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය මතුවී තිබේ. Samsung ඒ වෙනුවෙන් ප්‍රබල තාක්ෂණික හැකියාවන්ගෙන් පරිපූර්ණ ස්මාර්ට් ජංගම දුරකථනවලට සිට tabs” laptops සහ පෞද්ගලික පරිගණක දක්වා වූ පුළුල් පරාසයක සන්නිවේදන තාක්ෂණ උපකරණ රැසක් හඳුන්වාදෙමින් අනාගතය දිනන්නට වෙරදරණ සිසු සිසුවියන්ගේ අභිප්රායන් සපුරාලීමට කැපවී සිටියි.