ලාෆ්ස් ගෑස් සහ අබාන්ස් පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ හවුල්කාරීත්වයක
ශ්‍රී ලංකාවේ ගෑස් කර්මාන්තයේ ප්‍රමුඛයා වන ලාෆ්ස් ගෑස් සමාගම සහ කළාපයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන අබාන්ස් දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙමගින් පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩර්, ගෑස් උදුන්, ෆ්‍රී-ස්ටෑන්ඩිඞ් උදුන් සහ ඉවුම් පිහුම් වලට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ හා උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම එකඟතාවයට අදාල ගිවිසුම පසුගිය සැප්තැම්බර් 30 වන දින “කලම්බො සිටි සෙන්ටර්” හිදී අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහ කළමණාකාර අධයක්ශ පියදාස කුඩාබාලගේ මහතා, අබාන්ස් පී.එල්.සී හි සමූහ කළමණාකාර අධ්යක්ෂ බේමන් (ටිටෝ) පෙස්ටොන්ජි මහතා, ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්රම මහතා සහ අබාන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී බුද්ධික ධර්මවර්ධන මහතා ඇත්ලු පිරිසක් එක් වූහ.

මෙය ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්රයේ සුවිශේෂී සිදු වීමක්. මෙහිදී ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගම් දෙකක් එක්වීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට විශිෂ්ඨ මට්ටමේ සේවාවක් හිමි වීමට නියමිතයි. තිරසාර ජයග්රහණයන් සනිටුහන් කර ගත් සැබැවින්ම දේශීය සන්නාමයක් ලෙස අපට, පාරිභෝගිකයන්ට මුහුණදීමට සිදු වන බාධාවන් හා අපහසුතාවන් අවම කරමින්, උසස්ම තත්වයේ, විශ්වාසනීය ඉවුම් පිහුම් භාණ්ඩ හා උපකරණ මිල දී ගැනීමට අවස්ථාව සලසා දීමට මින් ඉදිරියට හැකියාව ලැබෙනවා.” පියදාස කුඩාබාලගේ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ දේශීය සමාගම් දෙකක් අතර ඇතිවූ මෙම හවුල්කාරීත්වය මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට ලැබීම මට මහත් සතුටක් හා ගෞරවයක්. මේ ක්‍රමෝපායික හවුල්කාරීත්වය ඔස්සේ අපගේ සමාගම් දෙකටම සුවිශේෂී වාසි රැසක් සැලසේවි. විශේෂයෙන් ආර්ථික අර්බුධ සමයේ අපගේ සන්නාම දෙකේ වර්ධනයට මෙය බෙහෙවින් ඉවහල් වනු ඇති බවට සැකයක් නැහැ. මෙම හවුල්කාරීත්වය නිසා පාරිභෝගිකයන්ට දිවයින පුරා විසිරුණු අබාන්ස් ප්රදර්ශනාගාර වෙතින්, ඉතාමත් පහසුවෙන් ලාෆ්ස් ගෑස් නිෂ්පාදන මිල දී ගැනීමට අවස්ථාව ලැබෙනවා.” අබාන්ස් පී.එල්.සී හි සමූහ කළමණාකාර අධ්යක්ෂ බේමන් (ටිටෝ) පෙස්ටොන්ජි මහතා පැවසීය.
මෙම හවුල්කාරීතවය යටතේ ඉදිරියේදී ප්‍රවර්ධන වැඩසටහන්, මිල හා සේවාවන් සම්බන්ධ දීමනා සහ තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
අබාන්ස් සමූහය යනු පාරිභෝගික විකිණුම් කටයුතු, සේවා, කාර්ය සම්පාදන, නිෂ්පාදන, දේපළ හා යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර රාශියක ප්රමුඛයෙකි. ලොව විශිෂ්ඨතම සන්නාම සඳහා මෙරට නියෝජිතයා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සමාගම විශාල කීර්තියක් දිනා ඇත. 1968 වර්ෂයේ ආරම්භ වූ අබාන්ස් සමූහය ඉතාමත් ඉක්මණින් දිවයින පුරාම ව්‍යාප්ත වීමට සමත් වූ අතර, මේ වන විට එය සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යහපත් පරිවර්තනයන් සදහා අඛණ්ඩව දායක වෙමින් සිටියි.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ශේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ලාෆ්ස් ගෑස් පී.එල්.සී බලශක්ති මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ගෘහස්ථ, වාණිජ හා කාර්මික පාරිභෝගිකයන් වෙත LP ගෑස් හා ඒ ආශ්රිත උපාන්ග සැපයීමෙහි නිරතව සිටියි. මේ වන විට අලෙවි නියෝජිත ආයතන 8,200 ක් සහ බෙදාහැරීම් ආයතන 31 ක් සහිත, නිරන්තරයෙන් පුලුල් වන අලෙවි ජාලයක් සමගින් එම සමාගම දිවයිනේ නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කරයි. එමෙන්ම පාරිභෝගිකයන්ට පහසුවෙන් සිය භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමටත්, විමසීම් සිදු කිරීමටත් 1345 ක්ෂණික ඇමතුම් අංකය, www.laugfsgas.lk වෙබ් අඩවිය සහ 0768 427 427 WhatsApp අංකය වැනි ක්‍රම හදුන්වා දීමට එම සමාගම කටයුතු කර තිබේ. තවද සිය අන්තර්ජාල ඇණවුම් ක්‍රමය තුලදීම පාරිභෝගිකයන්ට මුදල් ගෙවීම සදහා අවස්ථාව ලබා දෙන, ශ්‍රී ලංකාවේ එකම ඩිජිටල්කරණය වූ සේවා සම්පාදකයා වන්නේද ලාෆ්ස් ගෑස් සමාගමයි.