
SRL 30 වසරක පළපුරුද්ද සමග පර්යේෂණ මත පදනම් වූ දැනුම ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රයක් බිහිකරන්නට පෙරමුණට
වර්ෂ 1989 සැප්තැම්බර් 28 වනදා ස්ථාපිත කරන ලද Survey Research Lanka (SRL), ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පැරණිතම අලෙවි හා සමීක්ෂණ උපදේශන සේවා ආයතන අතරින් පූර්ණ වශයෙන් ශ්‍රී ලාංකීය හා නිදහස් ක්‍රියාකාරීත්වයකින් පවත්වාගෙන එන සමීක්ෂණ ආයතනයක් ලෙස කීර්තිමත්ය. ශ්‍රී ලාංකීය කර්මාන්ත ක්ෂේත්රයේ උන්නතිය උදෙසා වෙළෙඳපොළ ආශ්රිත දත්ත රැස්කරමින් තොරතුරු තාක්ෂණික පද්ධති ගොඩනගමින් ශ්‍රී ලාංකීය කර්මාන්තකරුවන්ගේ ජීවන තත්ත්වය උසස්කරලීම උදෙසා විසඳුම් රැසක් ලබාදෙමින් SRL 31 වසරක් තිස්සේ අඛණ්ඩ මෙහෙවරක නිරතව සිටියි.
අලෙවි සමීක්ෂණ කාර්යය බහුතර ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිතව නොතිබූ කාලයක පුද්ගල කේන්ද්‍රීය දත්ත රැස්කිරීම හා එම දත්ත පදනම් කරගනිමින් වාර්තා සකස්කිරීමේ වටිනාකම ශ්‍රී ලාංකීය ජන සමාජයට වටහා දෙන්නට SRL සමත්විය. අද වන විට අත්‍යවශ්‍ය සාධක ලෙස පවතින ජනමාධ්‍ය හැසිරීම නිරීක්ෂණය, රූපවාහිනී ඇගයුම් වාර්තා (rating) සහ කාර්ය සාධන නිරීක්ෂණ සේවා ශ්‍රී ලාංකිකයන් හට හඳුන්වාදෙන්නට ීඍඛ පුරෝගාමී විය. එදා මෙදා තුර SRL දායකත්වය නිසා ශ්‍රී ලංකාවේ අලෙවි හා සමාජ සමීක්ෂණ ක්ෂේත්රයේ සීඝ්‍ර දියුණුවක් ඇතිව තිබේ.
SRL සැමවිටම හුදු සමීක්ෂණ ආයතනයක භූමිකාවෙන් එහා ගිය මෙහෙවරක යෙදීම අපේක්ෂා කළ ආයතනයකි. ඒ අනුව SRL පර්යේෂණ මත පදනම් වූ දැනුම ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රයක් (knowledge industry) තුළ එක් කොටසක් ලෙස සලකා ක්‍රියාත්මක වේ. ගනුදෙනුකාරභවතුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නේ හුදු දත්ත ඇතුලත් වාර්තා සැපයීමෙන් ඔබ්බට ගිය උසස් තත්ත්වයේ පුළුල් සේවාවක් සලසමිනි.
දත්ත එක් රැුස් කිරීම, විශ්ලේෂණය හා වාර්තා සැකසීමේ ක්‍රමවේදය බටහිරෙන් එලෙසම ගෙන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවට, අන්තර්ජාතික ප්රමිතීන් සුරක්ෂිත වන ආකාරයෙන් ශ්‍රී ලාංකීය සමාජයට වඩාත් උචිත ආකාරයේ දේශීයත්වයකින් හෙබි සේවාවක් සැලසීම SRL සතු විශේෂත්වයයි. SRL හි දත්ත කළමනාකරණය වෙනුවෙන් භාවිතවන මෘදුකාංගද ශ්‍රී ලාංකීය කර්මාන්ත හා ව්‍යාපාර පසුබිම පිළිබඳ ප්‍රායෝගික අවබොධයක් ඇති ශ්‍රී ලාංකික විශේෂඥයන් පිරිසක් විසින් සකස්කොට තිබේ. SRL සභාපති නීල් ද සිල්වා මහතා ආයතනික සේවාවන්ගේ විශේෂත්වය උදාහරණයක් ඇසුරෙන් පැහැදිළි කරමින් “රැස් කළ දත්ත විශ්ලේෂණයෙන් පමණක් 2004 වසරේ මැතිවරණ දිනයට සතියකට පෙර 99% ක් නිවැරදි ආකාරයෙන් මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශ කිරීමට අපට හැකිවුණා. එය සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළ කෙරුණා.” යැයි පැවසීය.
වර්ෂ 2006 සිට අන්තර්ජාලගත දත්ත පද්ධතියක් පවත්වා ගනිමින් ගනුදෙනුකාර ආයතනයන් වෙත උසස් සේවාවක් සපයන SRL දත්ත කළමනාකරණය හා සබැඳුනු අන්තර්ජාතික තත්ත්ව සම්මතයන් අනුව කටයුතු කරමින් ලොව පවතින නවතම තාක්ෂණය හා උපාය මාර්ගික ක්‍රමවේද සමග නිරන්තරයෙන් යාවත්කාල වෙයි. සමාජ මාධ්‍ය පෙරටු කරගත් ඩිජිටල් ලෝකයේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් SRL සිය සේවාවන් පවත්වාගෙන යයි. ඒ පිළිබඳ SRL ප්‍රධාන විධායක නිලධාරිනී මිහිරානි දිසානායක මහත්මිය අදහස් දක්වමින් “2019 වසරේ මාර්තු මාසය වනවිට නීල් මහත්මයාගේ උපදෙස් අනුව ටැබ්ලට් පරිගණක හා ස්මාට් ජංගම දුරකතන යොදාගනිමින් අපගේ සේවා 100% ඩිජිටල්කරණය සිදුකරමින් නවතම දත්ත වේගවත්ව රැස්කිරීමේ කටයුතු අපි ආරම්භ කළා.” යැයි පැවසීය.
දශක තුනක සේවා මෙහෙවරක් සම්පූර්ණ කරන SRL එදා මෙදා තුර ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය උදෙසා දත්ත කළමනාකරණයෙන් අපරිමිත දායකත්වයක් දැක්වීය.