මන්චි අඛණ්ඩව 13 වැනි වරටත් ජාතික වොලිබෝල් ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය සපයයි
සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් නඟා සිටුවීමේ අරමුණ පෙරදැරි කොටගෙන 2020 වාර්ෂික ජාතික වොලිබෝල් ශූරතාවලිය’ සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වී සිටියි. ජාතික වොලිබෝල් ශූරතාවලිය සඳහා මන්චි අනුග්‍රාහකත්වය ලබා මෙවර දෙන්නේ අඛණ්ඩව 13 වැනි වරටයි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙහි නිළ අනුග්‍රාහකත්වය සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මුලිකත්වයෙන් ශූරතාවලියේ සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙත සංකේතාත්මකව පිරිනැමීම සිදු විය.
මේ අනුව, මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ – සුපර් ලීග් සහ ආධුනික තරගාවලිය ඔක්තෝම්බර් 16 වන දින ආරම්භ කරන අතර මෙය දිවයින පුරා විසිරී සිටින කුසලතා පිරිපුන් දක්ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතාවයන් විදහා දැක්වීමට කදිම තෝතැන්නකි. මෙම තරගාවලියට සහභාගීවීම සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ඔක්තෝම්බර් 15 වැනිදා බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කියා සිටි.
මෙම සුපර් ලීග් තරඟාවලිය පිරිමි සහ කාන්තා ලෙස කොටස් දෙකකට බෙදා තිබෙන අතර මේ සඳහා මෙරට අතිදක්ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත පිරිමි කණ්ඩායම් අටක් සහ කාන්තා කණ්ඩායම් හයක් තරග වදිනු ඇත.
මේ අනුව, පිරිමි සුපර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් අතරට ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික තරුණ සේවා සභාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ඕෂන් ලංකා යන කණ්ඩායම් සහභාගී වේ. මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සහ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් කාන්තා තරගාවලිය සඳහා තරග වදිනු ඇත. මෙම සුපර් ලීග් තරඟාවලිය මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එසේම, මෙරට වොලිබෝල් ක්‍රීඩා ලෝලීන්ගේ උද්යෝගය වර්ධනය කරමින් මෙම තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 28 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර, මෙහි ආධුනික තරඟාවලියද පිරිමි සහ කාන්තා ලෙස කොටස් දෙකකට බෙදා තිබෙන අතර දිස්ත්‍රික්ක සහ ජාතික මට්ටම නියෝජනය කරමින් අදියර දෙකකින් තරග පැවැත්වීමට නියමිතය. මෙහි තරග නොවැම්බර් 14 වනදා ආරම්භ වන අතර එහි අවසන් මහා තරගය ද මහරගම තරුණ සේවා සභා ක්‍රීඩා පිටියේදී නොවැම්බර් 28 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
වර්තමානයේ පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය තම සහභාගිත්වයට බාධාවක් කර නොගනිමින් මෙම තරඟාවලිය සදහා එක් වීමට තරගකරුවන් සුදානම්ව සිටින අතර උණුසුම් තරගාවලියක් නැරඹීමට ප්‍රේක්ෂකයින්ද බලාපොරොත්තුවෙන් සිටී. සංවිධායකයින් අපේක්ෂා කරන්නේ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවය සඳහා කණ්ඩායම් 2000 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වනු ඇති බවයි.
එසේමල වොලිබෝල් ක්‍රීඩාවට මෙන්ම මෙම තරඟාවලිය සඳහා තවදුරටත් දිරියක් වෙමින් දිවයිනේ දිස්ත්‍රික්ක පුරා වොලිබෝල් පුහුණුකරුවන් සදහා වන පුහුණු කඳවුරු පැවැත්වීමටද සහයෝගය දීමට මන්චි ඉදිරිපත් වී සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායක සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ගරු රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ පැවසීය. “මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය සංවර්ධනය කිරීම උදෙසා වන අපගේ වගකීම මන්චි සමාගමෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය තුළින් තවදුරටත් ශක්තිමත් වෙනවා. මන්චි, මෙම තරගාවලිය සදහා අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වූ 13 වන වසර ලෙස මෙම අවස්ථාව සනිටුවහන් වෙනවා. වොලිබෝල් ක්‍රීඩාව යනු මෙරට බිම් මට්ටමේන් ආරම්භ වූ ක්‍රීඩාවක් වන අතර පසුගිය දශකය තුළ මෙම ක්‍රීඩාවේ විශාල සංවර්ධනයක් සිදුවුණා. දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සදහාත් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහාත් මෙම තරගාවලිය සුවිශේෂී එකක් වෙනවා. මන්චි අනුග්‍රහකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තරඟාවලිය සාර්ථකත්වයක් අත්පත් කරගන්න අතරම වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතියටද එය හේතුවක් වනවාග”
ජාතික ක්‍රීඩාව සවිබල ගැන්වීම සඳහා දශකයකට වැඩි කාලයක් පුරා මන්චි දැක්වූ කැපවීම සහ ශක්තිමත් දායකත්වය හේතුවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් රැසකට තම දක්ෂතා ඔප නංවා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත.
මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිළධාරි, නලීන් බී. කරුණාරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. “වොලිබෝල් සම්මේලනයත් සමග අපගේ තිබෙන සබැඳියාව දශකයකටත් වඩා ඔබ්බට දිව යනවා. මෙවන් ජනප්‍රිය තරගාවලියක් සඳහා අඛණ්ඩවම වසර 13ක් පුරා අනුග්‍රාහකත්වය ලබාදීම මගින් මෙරට බොහෝ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශූරයින් වෙමින් ජාතික මට්ටමේ පිළිගැනීමක් දිනා ගැනීමට සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. එසේම, වොලිබෝල් ක්‍රීඩාව දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ලබා ඇති ප්‍රගතිය සදහා දායකත්වය ලබා දීමට හැකි වීම පිලිබඳවද බෙහෙවින් සතුටට පත් වනවාග අභියෝග මැදින් වුවද ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් යන දෙකොට්ඨාසයම මෙම තරඟාවලියේ ආරම්භය බලාපොරොත්තුවෙන් පසු වන බව මා විශ්වාස කරනවා.“
මන්චි විසින් ක්‍රිකට්, පාපන්දු, ස්කොෂ්, මලල ක්‍රීඩා සහ අනිකුත් ක්‍රීඩා සඳහා දක්වන සහයෝගය තුළින් දේශීය සන්නාමයක් ලෙස ක්‍රීඩාවට සහ සමස්ත ක්‍රීඩා පරිසර පද්ධතියට දක්වන ළබැදියාව මනාව ඉස්මතු වේ.