
MarCom Collectives අගමැති හමුවෙයි
ජාතික ආර්ථිකයට ක්ෂේත්රයේ දායකත්වය හුවා දක්වමින්එය නැවත නඟා සිටුවීම සඳහා ප්‍රතිපත්තිමය සහයෝගය අපේක්ෂා කරයි.
MarCom Collective හි කැඳවුම්කරුවන්, සංගම් 9 ක සභාපතිවරුන් සහ Ernst & Young Sri Lanka හී නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් යුත් ඉහළ නිළධාරීන් පිරිසක් පසුගියදා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ඒ කොළඹ අරලියගහ මැදුරේදීය. මෙය ආර්ථික ප්රගමනය වෙනුවෙන් අලෙවිකරණ සන්නිවේදන අංශයේ දායකත්වය පිළිබඳව රජය හා එහි පාර්ශවකරුවන් දැනුම්වත් කිරීම සඳහා ගන්නා අඛණ්ඩ උත්සාහයේ තවත් පියරක් ලෙස සඳහන් කළ හැකිය. බොහෝ විට එය වෙනත් ක්ෂේත්‍ර මෙන් පුළුල් අවධානයකට යොමු නොවේ.
COVID -19 විසින් ඇති කරනු ලැබූ ව්යවසකාරී බලපෑම හේතුවෙන් පසුබෑමකට ලක් වී ඇති අංශ 12 ක ව්‍යාපාර නැවත නගා සිටුවීමට හා ශක්තිමත් කිරීම වෙනුවෙන් ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග හදුනාගැනීම වෙනුවෙන් එක්ට එක්ව ඇත. ඒ තුළින් එම ව්‍යාපාරය සඳහා පශ්චාත් COVID -19 බලපෑම් අවම කිරීමට සහ තිරසර පුනර්ජීවනය සහතික කරනු ඇත. දැන්වීම්කරණ, වෙළෙඳපොළ සමීක්ෂණ, ඉසව් කළමනාකරණය, ඡායාරූපකරණය, දෘශ්‍ය සහ ශ්‍රව්‍ය නිෂ්පාදන, මාධ්‍ය සැළසුම්කරණය, ඩිජිටල්කරණ, මහජන සම්බන්ධතා, එළිමහන් ප්‍රචාරණය, ටෙලි/ විකාශන මාධ්‍ය (රූපවාහිනී, ගුවන් විදුලි, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය) ක්‍රියාකාරකම් සහ මුද්‍රණ හා ඇසුරුම්කරණ මෙම අංශ 12 ට ඇතුළත් වේ.
ස්වාධීන උපදේශන සමාගමක් වන Ernst & Young Sri Lanka විසින් MarCom Collective හී ව්‍යාපාරවලට ඇති බලපෑම අවම කිරීම, පුනර්ජීවනය සහ තිරසාරත්වය යන අංශ 3 මූලික කරගෙන අධ්‍යයනයකර වාර්තාවක් සකස්කර ඇති අතර එය අග්‍රාමාත්‍ය වරයා වෙත ඉදිරිපත් කරන ලදී. එම අධ්‍යයනයට අනුව මෙම ක්ෂේත්රයේ දළ වාර්ෂික ආදායම රුපියල් බිලියන 151 ක් බවත් එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1%කින් දායක වෙන බවත්, මෙහි 10,000කට වැඩි පිරිසක් සේවය කරන අතර තවත් 200,000ක් පමණ පිරිසක් ඔවුන්ගෙන් යැපෙන බැවින් වැඩි අවධානයක් යොමු විය යුතු බවත් ප්‍රකාශ වේ. ඵ්රක්දප අංශයෙහි එක් සේවකයකු රුපියල් මිලියන 1.510ක ආදායමක් දේශීය ආර්ථිකයට උපයා දෙනු ලැබේ. එයි අදාළත්වය සහ සුවිශේෂත්වය පිළිබඳ අදහසක් අනෙකුත් ප්‍රධාන ආදායම් ක්ෂේත්‍ර හා සසඳා බැලීමෙන් ලබාගත හැකි වේ. එනම් තේ කර්මාන්තයේ එක් සේවකයකුගෙන් – රුපියල් 232,000ක් ද, රෙදිපිළි හා ඇඟලුම්හි එක් සේවකයකුගෙන් – රු.444,444ක් ද, රබර් අංශයේ එක් සේවකයකුගෙන් – රු. 452,308ක් ද සහ සංචාරක අංශයේ එක් සේවකයකුට රු. මිලියන 1.068 ක්ද වශයෙනි.
MarCom Collective සහ Ernst & Young විසින් තව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් බලාපොරොතු වුයේ මෙම අංශයට රජයේ සැලකිල්ල සහ සහයෝගය ලබා ගැනීමයි. මෙම යෝජනාමාලාව ආර්ථිකය හා කර්මාන්තය යළි නගා සිටුවීම හා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ගනු ලබන ප්රයත්නයට අනුකූලව ඉදිරිපත්කර ඇත. එම යෝජනා සාදරයෙන් භාරගත් අග්‍රාමාත්‍යවරයා ආර්ථිකය වෙනුවෙන් මෙම අංශයේ දායකත්වය පිළිබඳව අගය කළ අතර ඉදිරිපත් කළ යෝජනා සැළකිල්ලට ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කරන ලදී.
MarCom Collective, වෙළෙඳ ප්‍රචාරණ හා අලෙවිකරණ සන්නිවේදන අංශයන් හා සම්බන්ධ ව්‍යාපාර 9 ක් සහ ඊට අනුබද්ධව කටයුතු කරන ව්‍යාපාර හා වෘත්තිකයන්ගෙන් සමන්විත පශ්චාත් COVID -19 හී බලපෑම අවමකර ගැනීම සඳහා පිහිටුවාගත් සංවිධානයකි. එහි සාමාජිකයන් හා අනෙකුත් පාර්ශවකරුවන්, පශ්චාත් COVID -19 ව්‍යාපාරික වටපිටාව තුළ ක්ෂේත්රය මුහුණ දෙන විවිධ ගැටළු නිරාකරණයකර ගැනීමේ අරමුණින් නිරතුරුව එක්ව කටයුතු කිරීමට තීරණයකර තිබේ.
