
eZ Cash විසින් ක්ෂුද්‍ර ණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම QR ගෙවීමේ ක්‍රමය හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත්, මෙරට ප්‍රථම සහ විශාලතම මොබයිල් මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash, VisionFund Lanka සමාගම සමඟ එක්ව ක්ෂුද්‍ර ණය ලබාගන්නා පාරිභෝගිකයන්ට පහසුකම් සැලසීම සඳහා ඉතා පහසු හා තිරසර QR ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.VisionFund Lanka සමාගම World Vision සමාගමට අනුබද්ධ ප්‍රමුඛතම සමාජ වගකීමක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන අතර, VisionFund International හි උප සමාගමක් ද වෙයි.
VisionFund Lanka හි පාරිභෝගිකයන් තම සමාගමේ සේවාවන් තුළ රඳවාගැනීම වෙනුවෙන් ඩිජිටල් ක්‍රමවේදයක් ඇතුළත් විසඳුමක් සඳහා ඇතිකරගත් මෙම සහයෝගීත්වය හරහා, QR කාඩ්පතක් මගින්ණය ආපසු ගෙවීමට හැකියාව සලසාදීම තුළින්ක්ෂුද්ර ණය ආපසු ගෙවීමේ සමස්ත ක්‍රමවේදය විශාල පරිවර්තනයකට ලක් කිරීමට සමත්ව ඇත. මෙම ක්‍රමවේදය හරහා VisionFund Lanka පාරිභෝගිකයන්ට ඔවුන්ට ළඟම eZ Cash වෙළඳ නියෝජිත මධ්යස්ථානවලින්තම QR කාඩ්පත්scan කරකාර්යයක්ෂමව තම ණය සඳහා අදාළ විස්තර බලාගැනීමට හැකියාවලැබෙන අතර, මේ ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවද හිමිවී, මූල්‍ය ගනුදෙනු පහසුවෙන්, ආරක්ෂාකාරීව සහ වර්චුවල් ආකාරයට සිදුකිරීම සඳහාද වැදගත් වෙයි. මේ වන විට පාරිභෝගිකයන්ට ඔවුන්ට ළඟම පිහිටි VisionFund Lanka කාර්යාලවලින් තමන්ගේ QR කාඩ්පත් ලබාගැනීමට පහසුකම් සලසා ඇත. 2019 දත්තවලට අනුව VisionFund Lanka ආයතනය විසින් දිවයින පුරා විසිරී සිටින ග්‍රාමීය පවුල් 30,000 කට සේවා සලසා ඇති අතර, මූල්‍ය අවශ්‍යතාවයන් පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආයතනසවිබලගැන්වීමටද පියවර ගන්නා ලදී.
VisionFund Lanka හි ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ඉදිරි පියවරක් සනිටුහන් කෙරෙන මේ අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ්කනගරත්නම් මහතා, “පෙර නොවූ විරූ පරිදි මූල්‍යමය ගනුදෙනු වේගවත්ව, ආරක්ෂාකාරීව සහපහසුවෙන් සිදුකිරීමේ අවශ්‍යතාව අතිශයින් වැදගත් වන යුගයකමෙම ක්‍රමය කාලෝචිතව සිදුකළ හඳුන්වාදීමක් වශයෙන් සඳහන් කළ හැකීයි. ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන අපගේ පාරිභෝගිකයන්ට මෙම ක්‍රමය හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටක්.තිරසර සේවාවක් සැලසීම වෙනුවෙන් අප යන මේ ගමන්මගෙහි ඩයලොග් සමඟ එක්ව කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන අතරවාරයේ, අප විසින් සේවා සලසන ජනතාවට පහසුවෙන් ලබාගත හැකිමූල්ය සේවාවන් සඳහා නවතම විසඳුම්ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කිරීම අපගේ බලාපොරොත්තුවයි.”
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය පළකළේ මෙවන් අදහසකි, “ගතවූ වසර කිහිපය පුරාවට අපගේ පාර්ශවකරුවන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදයට ලබාගැනීම සඳහාඅවශ්ය තිරසර සහ නවීතමවිසඳුම් ලබාදීමෙන් eZ Cash ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබෙනවා.QR ක්‍රමවේදයක් සහිත මෙම ක්ෂුද්‍ර ණයආපසු ගෙවීමේ විසඳුමකාර්යයක්ෂම, පහසු සහ බාධාවන්ගෙන් තොරව මුදල් අයකරගැනීම සඳහාඅප විසින් හඳුන්වාදුන් පියවර රැසක් අතරට අයත් එක් වැදගත් පියවරක්බවට නිතැතින්ම පත්වනු ඇත.