
DFSK සහ Z100 වාහන සඳහා විශේෂ ලීසිං දීමනා ලබා දීමට HNB, Unimo සමඟ අත්වැල් බැඳ ගනී
යුනයිටඞ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ (United Motors Lanka PLC) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් සමාගමෙන් මිලදී ගනු ලබන වාහන සඳහා වාහනයේ වටිනාකමින් 30%ක මූලික ගෙවීමක් ලබා දීමේ පහසුකම පාරිභෝගිකයන්ට ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් (Unimo Enterprises Limited) සමඟ අත්වැල් බැඳගෙන ඇත.
මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ සීමිත තොගයක් පවතින 7 දෙනෙකුට අසුන් ගත හැකි DFSK 580 SUV රථ, ආසන 6 Glory 330 MPV රථ සහ Z100 compact කාර් රථ සඳහා පාරිභෝගිකයින්ට පහසු ලීසිං විසඳුම් මෙම හවුල්කාරීත්වය මගින් ලබා දෙනු ඇත. HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න සහ යුනයිටඞ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ, සමූහ ප්‍රධාන විධායක නිළධාරී/විධායක අධ්යක්ෂ, චානක යටවර යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම ගිවිසුමට එළැඹෙමින් HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප්‍රධානී, කාංචන කරුණාගම මහතා ‘‘අපගේ විශ්වාසදායී ගනුදෙනුකාර පදනමට විවිධ මාදිලියේ යුනිමෝ වාහන සඳහා අසමසම වට්ටම් සහ විශේෂ ප්රතිලාභ ලබා දීම ගැන අප සතුටු වනවා. අපගේ ගනුදෙනුකාරභවතුන්ට තමන්ගේම වාහනයක් මිලදී ගැනීම සඳහා හොඳම මූල්‍ය විසඳුම් ලබා දෙමින් අප ශ්‍රී ලංකාවේ ප්රමුඛ මෝටර් රථ අලෙවිකරුවන් සමඟ අඛණ්ඩව හවුල්කාරීත්වයන්ට එළඹ තිබෙනවා වගේම මේ ආකාරයේ හවුල්කාරීත්වයන් තුළින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නම්‍යශීලී හා නව්‍ය ලීසීං විසඳුම් ද ලබා දිය හැකි බව අප විශ්වාස කරනවා,’’ යනුවෙන් පැවසුවේය.
මෙම ප්‍රවර්ධන කාලය තුළ, HNB විසින් විශේෂ පොළී අනුපාතයක් ඇතුළුව එක් එක් ගනුදෙනුකරුවන්ගේ ආදායමට හා වියදමට සරිලන පරිදි සකස් කළ ලීසිං පහසුකම් ආදී ප්රතිලාභ රැසක් ලබා දෙනු ඇත.
මීට සමානව, මෙම හවුල්කාරීත්වය යටතේ යුනිමෝ සමාගම විසින් HNB ලීසිං ගනුදෙනුකාරභවතුන්ට නොමිලේ වාහන ලියාපදිංචි කිරීමේ පහසුකම් ද සපයනු ඇත.
එමෙන්ම, HNB ලීසිං ගනුදෙනුකාරභවතුන්ට ද මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.
යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් හි ප්‍රධාන විධායක නිළධාරී, මහේෂ් ගුණතිලක මහතා ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් ලෙස අපගේ රටපුරා අලෙවි මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා අපගේ සේවාවන් තවත් ව්‍යාප්ත කර තිබෙනවා. මෙවැනි හවුල්කාරීත්වයන් තුළින් ගනුදෙනුකරුවන්ට පහසු ලීසීං විසඳුම් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩි විස්තර දිවයින පුරා පිහිටි HNB පාරිභෝගික මධ්‍යස්ථානවලින් හෝ යුනිමෝ ප්‍රදර්ශනාගාරවලින් හෝ 011-2462462 HNB ඇමතීමෙන් හෝ 0117 565 100 යුනිමෝ ඇමතීමෙන් ලබා ගත හැකිය.