
ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා තෝරාගත් කොමර්ෂල් බැංකු කාඞ් හිමියන්ට වටිනා ත්‍යාග
මාසිකව මුද්‍රණය කළ බැංකු වාර්තා ලබාගැනීම වෙනුවට ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වූ දිනුම් ඇදීමේදී කොමර්ෂල් බැංකුවේ වාසනාවන්ත ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් දෙදෙනෙකු සිංගප්පූරුවේ සංචාරය කිරීමට වැයවන මුදලකට සමාන මුදලක් ත්‍යාග වශයෙන් දිනාගෙන තිබේ. ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා භාවිතා කිරීම මගින් බැංකුවේ කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා බැංකුව විසින් පැවැත් වූ ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වූ කාඞ්පත් හිමියන් විශාල සංඛ්‍යාවක් අතුරින් වයි. එම්. ජෝර්ජ් අමිල යටන්වල මහතා සහ එච්. බී. ආරච්චිගේ දර්ශන මදුරංග මහතා ප්‍රධාන ත්‍යාගය දිනාගැනීමට සමත්විය. මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී ත්‍යාග ලෙස දෙදෙනෙකුට සිංගප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, හෝටල්වල නවාතැන් පහසුකම්, ගුවන් තොටුපොළවල සිට ප්‍රවාහන පහසුකම් ලබාදීමට එකඟවී තිබුණු අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබෙන ගමන් සීමා හමුවේ ඒ වෙනුවෙන් වැයවන මුදල ත්‍යාග වශයෙන් ලබාදීමට බැංකුව තීරණය කරන ලදී. මීට අමතරව, මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළදී තම බැංකු වාර්තා ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා බවට පත්කළ මුල් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් 1000 සඳහා එක් අයෙකුට මැක්ස් ලෝයල්ටි ලකුණු 2000 බැගින් බැංකුව ප්රදානය කළේය. මෙම මැක්ස් ලෝයල්ටි රිවෝඞ්ස් ලකුණක් වෙනුවෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙළඳසැලකින් ගෙවීමක් කරන විට රුපියලක මුදලක් ගෙවිය හැකි අතර මෙම ලකුණු ලබාදීම මගින් රුපියල් මිලියන 02 ක මුදලක් බැංකුව ත්‍යාග වශයෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී ලබාදීම කැපී පෙනේ.
සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ජයග්‍රාහකයින් දෙදෙනා කොමර්ෂල් බැංකුවේ කළමනාකාරීත්වයේ නියෝජිතයින් සමග සිටින ආකාරයයි. (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා, මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් වන වයි. එම්. ජෝර්ජ් අමිල යටන්වල මහතා සහ එච්. බී. ආරච්චිගේ දර්ශන මදුරංග මහතා සහ බැංකුවේ කාඞ් මධ්‍යස්ථානයේ ප්‍රධානී තුසිත සුරවීර මහතා.