
ආසිරි රසායනාගාර සේවාව, ජාතික තත්ත්ව කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි
මෙරට පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවා ක්ෂේත්රය තුළ සිය ප්‍රමුඛත්වය, ඉහළ ප්‍රමිතිය හා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය සංවිධානය කරන 2019 ජාතික තත්ත්ව කුසලතා සම්මානයක් දිනාගැනීමට ආසිරි රසායනාගාර සේවාව සමත් වී තිබේ.
එහිදී සෞඛ්‍ය සේවා (මහා පරිමාණ) අංශය යටතේ මෙම කුසලතා සම්මානය දිනාගැනීමට ‘ආසිරි රසායනාගාර සේවාව’ සමත්ව ඇති අතර, මෙරට පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවාවක් ජාතික තත්ත්ව සම්මාන ප්රදානයේදී එවැනි පිළිගැනීමක් හිමිකරගන්නා පළමු අවස්ථාව එය වීම ද කැපීපෙනේ.
ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (Sri Lanka National Quality Awards) යනු මෙරට ව්‍යාපාර අංශයේ කාර්යසාධන විශිෂ්ටතා ඇගයීමට ලක්කරන වාර්ෂික සම්මාන උළෙලකි. මෙහිදී සම්මානලාභීන් ඇගැයීම සඳහා භාවිත කෙරෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ මැල්කම් බෝල්ඩ්රිජ් තත්ත්ව සම්මාන උළෙල සඳහා භාවිත කරන ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිකරගත් ඇගැයීම් නිර්දේශ වීම ද විශේෂත්වයකි. ලොව පුරා රටවල් 80කට වැඩි සංඛ්‍යාවක් එම ඇගැයීම් නිර්දේශ එම රටවල විශිෂ්ට කාර්යසාධන ප්‍රතිඵල රැගත් ව්‍යාපාර ආයතන ඇගයීම සඳහා යොදාගනී.
ඒ යටතේ, ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකා සහ සමාලෝචන ක්‍රියාවලියක් භාවිත කරමින් අදාළ ආයතනවල කාර්ය සාධන විශිෂ්ටතාව තහවුරු කරගැනීම ද කැපී පෙනේ.
“ආසිරි රසායනාගාර සේවාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් ලැබුණු මෙම කුසලතා සම්මානය අපට විශාල ආඩම්බරයක්. ඒ වගේම ලංකාවට උසස් ම මට්ටමේ සෞඛ්‍ය සේවාවක් පිරිනැමීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් ආසිරි රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා පැවසීය.
“ආසිරි රසායනාගාර වාර්තා ලබාගැනීමේදී දැනට ලෝකයේ භාවිත කරන ඉහළම තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ යන්ත්‍ර යොදාගැනෙනවා. එම යන්ත්‍රවල උසස් ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වා ගැනීමට අමතරව වෛද්‍ය රසායනාගාර ක්ෂේත්රයේ අත්දැකීම් ඇති දක්ෂ තාක්ෂණික කාර්ය මණ්ඩලයකුත් එම කටයුතු සඳහා සහභාගී වෙනවා. මෙම සම්මානය හරහා ඔවුන්ගේ ශක්තිය හා කැපවීමත් පිළිබිඹු වෙනවා” යනුවෙන් වෛද්‍ය කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ආසිරි රසායනාගාර සේවාව සතු කීර්තිමත් ඉතිහාසය ද මෙම සම්මානය හරහා තවදුරටත් ශක්තිමත් වීම කැපීපෙනේ. “2020 ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී ඉහළ ම සම්මානයෙන් පිදුම් ලැබීම අපේ බලාපොරොත්තුවයි” යනුවෙන් ආසිරි රසායනාගාර සමූහයේ අධ්යක්ෂ එන්.පී. ජෝන් මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර ISO 15189 : 2012, ISO 9001: 2015, ISO 14001:2015 වැනි ජාත්‍යන්තර ප්‍රතීතන සහ සහතික හිමිකර ගැනීමට ද ආසිරි රසායනාගාර සේවාව සමත් වී තිබේ.