
Lakwimana ඔබේ ආදරණීයයන්ට අමතක නොවන උපන්දින ත්‍යාගයක් වෙනුවෙන් ‘Celfie’ හඳුන්වා දෙයි
ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රියතම සිහින තාරකාව වෙතින් පෞද්ගලිකවම උපන්දින සුබපැතුමක් එක් කිරීමේ ඒ අපූරු අත්දැකීම සමීප කිරීමට Lakwimana (ලක්විමන) වෙතින් ‘Celfie’ නමින් පළමු වරට ඩිජිටල් ත්‍යාගයක් හඳුන්වා දී තිබේ.
මේ වනවිට සමරු සටහන් ලබාගැනීම වෙනුවට සෙල්ෆි ලබාගැනීම දක්වා ලෝකය වෙනස් වී තිබේ. විශේෂයෙන්ම ජනප්‍රිය පුද්ගලයෙකු හමු වූ විට සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීම ලොව පුරා දක්නට ලැබෙන ප්රවණතාවකි. එම නිසා එසේ සමරු සටහන් සහ ඡායාරූප ලබාගෙන අලෙවි කිරීම වර්තමානයේදී මිලාධික ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. එහෙත් Lakwimana හඳුන්වා දෙන ‘Celfie’ සමඟ එම ගැටලුව නිරාකරණය වී තිබේ. තවදුරටත් සමරු සටහන් හෝ ඡායාරූප ලැබෙන තුරු බලාසිටීමට හෝ මුදල් වැය කිරීමට අවශ්‍යතාවක් නැති අතර තුන්වැනි පාර්ශ්වයකට ඔබේ අනන්‍යතාව මුදාහැරීම නිසා සුරක්ෂිතභාවයට ඇතිවන තර්ජනය ද අවසන් ව තිබේ. ඒ වෙනුවට තම මනාපය පරිදි වෙනස් කළ වීඩියෝ සුබපැතුමක් සඳහා ජනප්‍රිය පුද්ගලයින් එකතු කරගැනීමේ අවස්ථාව උදා වී ඇත.
Lakwimana යනු ත්‍යාග පිරිනැමීම කේන්ද්‍ර කරගත් දිගු ඉතිහාසයත් සහිත ඊ-වාණිජ වේදිකාවකි. විශේෂයෙන්ම මැද පෙරදිග ඇතුළු විදෙස්ගත ලාංකිකයන්ට සේවා සැපයීම අරමුණු කරගනිමින් ඇරැඹි Lakwimana ඊ-වාණිජ වේදිකාව මේ වනවිට මහත් ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත්ව සිටී. විශේෂයෙන්ම තම නිෂ්පාදන එකතුව අතරට සැබෑ ගුණාත්මක බවකින් යුත් දේශීය මුහුුණුුවර ගත් නිෂ්පාදන හඳුන්වා දීම සම්බන්ධයෙන් Lakwimana ප්‍රසිද්ධියක් උසුළයි. තව ද පෙර නොදුටූ විරූ, ආකර්ෂණීය හා වෙනස් ආකාරයේ තෑගි හඳුන්වාදීමට ද ඊට හැකිවී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සේවා සැලසීමෙන් අත්කරගත් සාර්ථකත්වය සමඟ මේ වනවිට මෙරට තුළ තෑගි ලබාදීමේ සංස්කෘතිය ද විප්ලවකරී වෙනසකට බඳුන්කීරීමට Lakwimana පියවර ගෙන ඇත.
‘Celfie’ යනු ඒ අනුව හඳුන්වා දෙන සුවිශේෂී ඩිජිටල් ත්‍යාග සංකල්පයකි. තම රසික ප්‍රජාව සමඟ පෞද්ගලික මට්ටමින් සබඳතා ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන මෙරට ජනප්‍රිය තරු රැසක් මේ වනවිටත් මෙම ‘Celfie’ විශේෂාංගය හා එක්ව සිටී. දිනක්ෂි, දසුන්, ශනුද්‍රි, සාරංග, රිතූ ආකර්ෂා, ටොමී ලහ්රෙන් සහ තවත් බොහෝ තරු ඒ අතර වේ. මෙම සුවිශේෂී අත්දැකීමට සාපේක්ෂව ඒ සඳහා අයකෙරෙන ගාස්තුව ඉතා අවම මට්ටමක් ගනී. වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳිය භාවිත කරන්න.
තෑගි දීමේ කලාව වඩාත් පෞද්ගලිකත්වයට නැඹුරු වෙමින් පවතින වර්තමානය තුළ මෙම සුවිශේෂී තෑගි දීමේ විශේෂාංගය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා තිබේ.
තෑගි දීමේ සංස්කෘතිය යනු හැම දෙනෙක්ම අලුත් සහ ආකර්ෂණීය වෙනස්කම් දැකීමට අත්විඳීමට කැමැති දෙයකි. විශේෂයෙන්ම සෑම වසරකදීම එකම ආකාරයේ ත්‍යාගයක් තම ආදරණීයයන්ට ලබාදීමට කිසිවෙකුට වුවමනා නැත. අනෙක් අතට සෑම උපන් දිනයකට ම එකම ආකාරයේ තෑග්ගක් ලැබීමට අප ද මනාප නැත. එවන් පසුබිමක ත්‍යාගයක් ලෙස අලුත්, වෙනස් යමක් පිළිබඳ සිතන සියලු දෙනාට ‘Celfie’ සැබවින්ම නැවුම් අත්දැකීමක් වනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා https://lakwimana.com/digital-gifts/celebrity-video-wish-c-362_365.html සබැඳිය ක්ලික් කරන්න.