
IIHS සම්මානලාභී Learner Management System (LMS) මඟින් COVID-19 වසංගතය සමය තුළ සිසුන්ට online අධ්‍යාපන පහසුකම් සපයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපනික ආයතනයක් වන International Institute of Health Science (IIHS) ආයතනය, දේශීය සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ ජාත්‍යන්තර මට්ටමේ සේවා සම්පාදකයෙකු බවට තව දුරටත් තහවුරු කරමින් පවතින COVID-19 වසංගතය සමයේදී සිය සිසුන් සමඟ සම්බන්ධ වීමට නව්‍ය – සම්මානලාභී Learner Management System (LMS) පද්ධතියක් හදුන්වා දී තිබේ.
ඒ අනුව, 2016, 2017 සහ 2018 යන වර්ෂ වලදී පොදුරාජ්‍ය මණ්ඩලීය ඩිජිටල් සෞඛ්‍ය සම්මාන උළෙලේදී අඛණ්ඩව සම්මාන පාත්‍ර වූ මෙම Learner Management System (LMS), මෙවන් හදිසි කාලවකවානු වලදී සිසුන්ට අධ්‍යාපනය සදහා වන ප්රවේශයන් වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ට තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන සියලු ඉගෙනුම් ද්‍රව්‍ය (learner material) හා ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රමවේද සදහා ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව සලසයි. එසේම අසීරු අවස්ථාවන් වලදී සිසුන්ට තමුන් සිටිනා ස්ථානයේ සිටම ආරක්ෂාකාරීව සහ සුවපහසුව අධ්‍යාපන කටයුතු වල යෙදීමට ද මෙමගින් අවස්ථාව උදා වේ. අපේක්ෂිත ප්‍රථිපල අත්කර ගනිමින් සිසුන්ට ස්වයං අධ්‍යන පරිසරයක් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා මෙම නව හා වැඩිදියුණු කළ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැලසුම් කර ඇති අතර එය එම ප්‍රමිතින් සුරකිමින් අවශ්‍ය අවස්ථාවන්හි විභාග සහ පරීක්ෂණ පැවැත්වීමට සමත් යෙදවුම් වලින්ද පරිපුර්ණය.
සරල විද්‍යුත් උපාංගයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් භාවිතා කිරීමෙන් සිසුන්ට මෙම Learner Management System (LMS) පද්ධතිය හරහා එයට සම්බන්ධ කර ඇති විද්‍යුත් පුස්තකාල සහ පර්යේෂණ තොරතුරු ලබා ගත හැකි අතර ඒ සදහා සියලුම උපාධි අපේක්ෂකයින්, පශ්චාත් උපාධි සිසුන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ ගුරුවරුන්ට ප්‍රවේශය හිමිවේ. මෙමගින්, විදෙස් සංචාරයන් සහ වැඩසටහන් අත්හිටුව ඇති මොහොතක වුවත් දේශීය හා ජාත්‍යන්තර වැඩසටහන් සදහා සම්බන්ධ වීමට IIHS ආයතනයට හැකි වී තිබේ.
IIHS ආයතනයේ සමාරම්භක/ප්‍රධාන විධායක නිළධාරී/උපාය මාර්ග සහ ජාත්‍යන්තර කටයුතු මෙන්ම අධ්‍යන අධ්යක්ෂ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා: (MBBS, MSc, MD :වෛද්‍ය පරිපාලන) මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ,” අපගේ සිසුන්ගේ කාර්යක්ෂමතාව සහ ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා නව්‍ය ක්‍රම පිළිබඳව අපි නිරන්තරයෙන් සොයා බලමු. අධ්‍යයන වැඩසටහන් සඳහා අවම බාධාවකින් හෝ තොරව ගෝලීය වෙනස්කම් වලට අනුවර්තනය වීමට අධ්‍යාපන ආයතනවලට අත්‍යවශ්‍ය වේ. එය IIHS හි අප අවධානය යොමු කළ ප්‍රධාන අංශයක් වන අතර එමඟින් අපගේ සිසුන්ට කාලය හෝ ස්ථානය නොසලකා සෑම විටම ඔවුන්ගේ අධ්‍යයන තොරතුරු ලබා ගත හැකිය. අධ්‍යාපනය සැපයීම සඳහා එවැනි පිරිවැය ඉතිරිකිරීමේ ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීමෙන් IIHS, අධ්‍යාපනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ මෙහෙවර දිගටම කරගෙන යනු ඇත,” යනුවෙනි.
වසංගතය හේතුවෙන් රට අකර්මන්‍ය වීමට පෙර ද හෙද හෙදියන්ගේ උපාධි පාඨමාලා සදහා අවශ්‍ය අධ්‍යාපනික තොරතුරු සදහා ප්‍රවේශ වීමට IIHS ආයතනය කටයුතු යොදා තිබු අතර ඒ සදහා මුලපිරීමක් වශයෙන් IIHS හෙදියන්ට නිවසේ සිට හෝ ඔවුන්ගේ සේවා ස්ථානයේ සිට Learner Management System (LMS) වෙත ලඝු වීමට හැකි වන පරිදි ටැබ් පරිඝණක ලබා දුන් අතර එමඟින් හෙද සිසු සිසුවියන් අතර අධ්‍යාපනය උදෙසා වන උද්යෝගය ඉහල නැංවින. වර්තමානයේ රාජ්‍ය අංශයේ හෙදියන් 1500 ක් පමණ මෙම Learner Management System (LMS) වෙත ප්‍රවේශ වීම සඳහා ටැබ්ලට් උපාංග භාවිතා කරන අතර එමඟින් සමකාලීන ඉගෙනුම් ක්‍රම අනුගමනය කරමින් සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ නවතම ප්රවණතා සමග යාවත්කාලින වීමට ඔවුනට හැකි වී තිබේ.
මීට අමතරව IIHS ආයතනය විසින් ස්වාධින Learner Management System (LMS) නිර්මාණය කල අතර එමගින් රාජ්‍ය අංශයේ හෙද පුහුණු පාසල් වල සිසුන්ට සහ ගුරුවරුන්ට එකවර සම්බන්ධ විය හැකි විද්‍යුත් වේදිකාවක් බිහි වන ලදී. මෙම වැඩපිළිවෙල මඟින් ගුරුවරුන්ගේ දෛනික වැඩ ප්‍රමාණය අවම කරන අතර හෙද සිසුන්ට මෙවන් වසංගතය තත්ත්වයන් තුලදීද නිවසේ සිට ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සැලසේ.