
එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම් Voice Teens Sri Lanka සමඟ අත්වැල් බැඳගනී
බොහෝදෙනාගේ ආදරය දිනාගත් එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම්, ශ්‍රී ලංකාවේ නවතම රියැලිටි රූපවාහිනී වැඩසටහන වන Voice Teens Sri Lanka තරගාවලිය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ගෝලීය වශයෙන් මහත් ජනප්‍රියත්වයක් අත්කරගත් ‘The Voice Teens’ රියැලිටි තරග අත්දැකීමේ දේශීය තරගාවලිය වන මෙම වැඩසටහන විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තිබේ.
මෙම සහයෝගීතාව යටතේ තරුණ පරපුරට සුවිශේෂී අවස්ථාවක් හිමි කරදීමට මෙන්ම ඔවුන් හා සක්‍රීයව සම්බන්ධ වීමටත් එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම් පියවර ගෙන ඇත.
‘ෆන් එකේ නෙක්ස්ට් ලෙවල් එක’ යන තේමාව යටතේ ඉදිරිපත් කෙරෙන වොන්ඩර් අයිස්ක්‍රීම් රසිකයින්ට මේ අනුව Voice Teens Sri Lanka තරගාවලියට එක්වූ සුපිරි තරගකරුවන් මුණගැසීමටත් ඔවුන්ට සතුට පළකිරීමටත් අවස්ථාව හිමි විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කෙරුණු Voice Teens Sri Lanka තරගාවලිය ආරම්භයේ සිටම අවසාන මහා තරගය දක්වා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද බැඳ ගැනීමටත් සමත් විය. සුපිරි සංගීතමය අත්දැකීමක් මෙරට රසිකයින්ට දායාද කළ මෙම රියැලිටි වැඩසටහන විවිධ ජන කොටස් නියෝජනය කරන පුළුල් ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගත් අතර තම තමන්ගේ ප්‍රියතම නව යොවුන් ගායකයාගේ ගායිකාවගේ ගී ගායනා ඇසීමට ඔවුහු මහත් උද්යෝගයෙන් බලා සිටින තත්ත්වයක් ද උදා වී තිබුණි.
‘Wonder Voice Teens Meet-up’ ලෙස නම් කර ඇති මෙම විශේෂ අවස්ථාවේදී තමන්ගේ ආදරය දිනා ගත් නව යොවුන් ගායක තරු මුණගැසීමට පමණක් නොවන ඔවුන් හා එක්ව ගී ගයමින් විනෝදයෙන් කාලය ගත කිරීමේ අවස්ථාව ද හිමි විය. මෙම වැඩසටහන සඳහා Voice Teens ජයග්‍රාහකයා වන හෂේන් මෙන්ම මාධුවී, ආදිත්‍යා සහ සියුම් වැනි ජනප්‍රිය තරු එක් විය.
රසිකයින්ට ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් හිමි කරදීම සඳහා තවත් විනෝදය පිරුණු ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩසටහන ඔස්සේ පිරිනැමිණ.
මේ සමඟ, Voice Teens තරගාවලියක අවසාන වටයේ තරගකරුවන් ඇතුළු ජනප්‍රිය තරු සමඟ කාලය ගෙවීමේ වැඩසටහනක් සංවිධානය කළ පළමු FMCG සන්නාමය බවට ද එලිෆන්ට් හවුස් පත්වනු ඇත. ඊට අමතරව එලිෆන්ට් හවුස් හඳුන්වාදෙන World of Wonder එකතුවට ද මෙම Voice Teens තරු එකතු කරගැනේ.
“අපට පාරිභෝගිකයන් සමඟ ඉතාම ශක්තිමත් සහ අව්‍යාජ බැඳීමක් පවතිනවා. ජාත්‍යන්තර Voice Teens සන්නාමය සමඟ අත්වැල් බැඳගැනීමත් සමඟ අපගේ ව්‍යාපාර සන්නාමයත් ජාත්‍යන්තරය කරා ගමන් කරනවා. ඒ හරහා අපගේ පාරිභෝගිකයන්ටත් විනෝදජනක සහ අමතක නොවන අත්දැකීමක් හිමිවෙනවා. පාරිභෝගිකින් අපගේ සන්නාමය සමඟ තවදුරටත් සම්බන්ධ කරගැනීමට අප හඳුන්වාදෙන නවමු පන්නයේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි” යනුවෙන් ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති හා එලිෆන්ට් හවුස් ශීතකළ ආහාර අංශයේ ප්‍රධානී සතිෂ් රත්නායක මහතා පැවසීය.
එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම් සන්නාමය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා තරුණ්‍යයේ ජනප්‍රියම අයිස්ක්‍රීම් සන්නාමය ලෙස පිළිගැනීමට ලක්වී තිබේ. ශක්තිමත් සන්නාම පිළිබිඹුවක් රැගත් වොන්ඩර් අයිස්ක්‍රීම් විශේෂයෙන්ම Voice Teens තරගාවලිය තුළ ස්ථාවර සන්නාම පිළිගැනීමක් හිමිකරගැනීමට සමත්විය.