
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ වෙතින් ඔප්පුහිමියන්ට රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන්
කොවිඞ්-19 ගමන් සීමාවන්ට විකල්පයක් ලෙස ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා නව සංකල්පයක් ඉදිරිපත් කරයි
කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පනවා තිබෙන විදේශ ගමන් සීමාවන් නිසා සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට නවතම අත්දැකීමක් ලබාදෙමින් රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් ලබාදීමට කටයුතු යොදා ඇත.
සාමාන්‍යයෙන් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන මගින් ලබාදෙන විදේශ සංචාර සහ දේශීය සංචාර වෙනුවට මෙවර මේ ආකාරයෙන් රත්තරන් දිනාගැනීමට අවස්ථාව ලබාදී තිබෙන බව මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි. මෙම රත්තරන් ජයග්‍රහණය කිරීම සඳහා 2020 සැප්තැම්බර් මාසයේ සිට 2021 අගෝස්තු මාසය දක්වා සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුව හෝ විශ්‍රාමික සැලසුම ක්‍රියාකාරීව පවත්වා ගන්නා රක්ෂණ ඔප්පුහිමියන් 600 කට වැඩි සංඛ්‍යාවක් සුදුසුකම් ලබන බව සමාගම පවසයි.
කොවිඞ්-19 වසංගත තත්ත්වය දෛනික ජීවිතයේ බොහෝ අංශ වලට බාධා ඇතිකර තිබෙන අවස්ථාවක පවත්වන මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී සමාගම විසින් මාස දෙකකට වරක් දිනුම් ඇදීමක් පවත්වමින් වසරක් තුළ දිනුම් ඇදීම් හයක් පවත්වනු ඇත. මෙහිදී, එක් දිනුම් ඇදීමකදී සුපිරි ජයග්රාහකයාට රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගැනීමට අවස්ථාව හිමිවන අතර අනිකුත් ජයග්‍රාහකයින් 99 දෙනා අතර රුපියල් මිලියන 04 ක් වටිනා රත්තරන් බෙදා දෙනු ලැබේ.
‘ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගැනීමට පක්ෂපාතී ගනුදෙනුකරුවන් අත්‍යවශ්‍ය වනවා. මේ නිසා, විශේෂයෙන්ම මෙවැනි අමාරු අවස්ථාවක අපි ඔවුන්ව අගය කළ යුතුයි,’ යනුවෙන් මෙවර ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘ගෝලීය වසංගතයක් තිබෙන කාලයකදී පවා ගෝලීය වශයෙන් සෞභාග්‍යයේ සංකේතයක් වශයෙන් සලකන රත්තරන් තෑගි වශයෙන් දෙන්නට අපි තීරණය කළේ මේ නිසයි.’
‘සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහන මෙරට පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන් අතර ඉහළින්ම වැජඹෙන වැඩසටහනක් බවට පත්වී තිබෙනවා. අපි 14 වන ෆැමිලි සවාරි වැඩසටහන මගින් නවමු අත්දැකීමක් අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට ලබාදෙනවා,’ යනුවෙන් රණසිංහ මහතා පැවසීය.
මෙවර පවත්වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ දිනුම් ඇදීම් හයට සහභාගීවීමට සුදුසුකම් ලැබීම සඳහා පවතින ජීවිත රක්ෂණ ඔප්පුව අඛණ්ඩව සක්‍රීයව පවත්වාගෙන යාම හෝ සමාගමේ විශ්‍රාමික සැලසුමේ අවම ශේෂයක් පවත්වාගෙන යාම සිදුකළ යුතුය. මීට අමතරව, සමාගම වෙත සෘජුවම රක්ෂණ වාරික මුදල් ගෙවන ඔප්පුහිමියන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිවන අතර ඔවුන් සමාගමේ ගනුදෙනුකරුවෙකු වී සිටින කාල සීමාව අනුව එම අමතර දිනුම් අවස්ථාවන් ප්‍රමාණය වැඩිවන බව සමාගම සඳහන් කරයි. එසේම, නව රක්ෂණ ඔප්පු හිමියන් අතරින් අඩුම වශයෙන් වාරික තුනක් ගෙවා රක්ෂණ ඔප්පුව ක්‍රියාකාරී අයුරින් පවත්වාගෙන ඔප්පු හිමියන් මෙම ත්‍යාග දිනා ගැනීමට සුදුසුකම් ලබයි.
සමස්තයක් ලෙස ගත්විට පසුගිය වසර 12 තුළදී මෙම වැඩසටහනින් මේ දක්වා ප්රතිලාභ ලැබූ සංඛ්‍යාව 26,000 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙමගින් තහවුරු කර තිබෙන්නේ මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ විශාලතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන මෙය බවයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ්රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලිසවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය රංගන ශිල්පීන් වන ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය සහ රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරන අතර ඔවුන් මීට පෙර දේශීය මෙන්ම විදෙස් සංචාර සඳහාද සහභාගී විය.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 හි දෙවන අර්ධය පුරා මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වටිනාම ජීවිත රක්ෂණ සන්නාමය ලෙසත් ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසත් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත්‍ර විය. එසේම, 2019 වසරේදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශී‍්‍ර ලංකා ශාඛාව විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලද අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නවෝත්පාදනය, නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම දේශීය රක්ෂණ ක්ෂේත්රයේ මිනුම් ලකුණක් ලෙසට පිළිගැනීමට ලක්වේ.
