
සෙලින්කෝ ලයිෆ් හි, එම්. ප්‍රියවිරාජ් සහ ඒ.අයි.පී. මංජුල 2019 වසරේ ලෝකයේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ වෘත්තිකයින් අතරට එක්වෙයි
මූල්‍ය වෘත්තිකයින් වෙනුවෙන් තිබෙන ලොව ප්‍රමුඛතම සංගමය වන Million Dollar Round Table (MDRT) හිදී 2019 වසරේ කොමිස් මුදල් පදනම් කරගනිමින් ‘ටොප් ඔෆ් ද ටේබල්’ සම්මානය දිනාගත් එකම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින් තමාට සහ සෙලින්කෝ ලයිෆ් සමාගමට ජාත්‍යන්තර කීර්තියක් ගෙන ඒමට ජීවිත රක්ෂණ වෘත්තිකයෙකු වන එම්. ප්‍රියවිරාජ් මහතා සමත් වී ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයතනික විකුණුම් අංශයේ සාමාජිකයෙකු වන ප්‍රියවිරාජ් මහතා සඳහා ඔහු උපයාගත් කොමිස් මුදල් ආදායම් පදනම් කරගනිමින් තෙවරක්ම MDRT සුදුසුකම් ලබා තිබෙන අතර ඔහුගේ විශිෂ්ටත්වය අගයමින් 2019 වසරේදී ‘ටොප් ඔෆ් ද ටේබල්’ සම්මානය පිරිනමා තිබේ.
ඔහුගේ ජයග්‍රහණය නිවේදනය කරමින් සෙලින්කෝ ලයිෆ් සඳහන් කරන්නේ 2019 වසරේ MDRT හි විශේෂ ජයග්‍රාහී ලැයිස්තුවට සමාගමේ තවත් විශිෂ්ටයෙකු වන ඒ.අයි.පී. මංජුල මහතාද එක්ව සිටින බවයි. ඔහු විසින් වසර 15 ක් පුරා MDRT හි සුදුසුකම් ක්‍රමවේදය සපුරා තිබෙන නිසා මෙවර සංගමයේ ‘Honour Roll’ සම්මානය මංජුල මහතාට ලබාදී තිබේ. මීට අමතරව, මෙම සංගමය විසින් මංජුල මහතාව ලෝකයේ ඉහළම ජීවිත රක්ෂණ වෘත්තීකයින් 6,200 අතරට ඇතුළත් කර තිබීමද මෙවර කැපී පෙනෙන සිදුවීමකි.
මෙම ජයග්රාහකයින්ට සුබ පැතුම් එක් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘සෙලින්කෝ ලයිෆ් විසින් ලබාදෙන සහයෝගය, උනන්දුව සහ අවස්ථාව භාවිතා කරමින් ජීවිත රක්ෂණ වෘත්තිකයෙකුට කෙතරම් ඉහළට ගමන් කළ හැකිදැයි පෙන්වීමට ප්‍රියවිරාජ් මහතා සහ මංජුල මහතා විශිෂ්ට උදාහරණ ලෙස සඳහන් කළ හැකියි. Million Dollar Round Table සුදුසුකම් සපිරූවන් අතර අපි ප්‍රමුඛස්ථානයේ සිටිනවා. අපගේ විශිෂ්ටයින් අතුරින් සමහරක් නිරන්තරයෙන් ලෝකයේ හොඳම ජීවිත රක්ෂණ වෘත්තිකයින්ගේ මට්ටමට පැමිණෙනවා.’
පළමුවෙන්ම ශ්‍රී ලංකාවෙන් MDRT සඳහා තේරී පත්වූ තැනැත්තා සෙලින්කෝ ලයිෆ් විසින් 1993 වසරේදී බිහිකරන ලදී. මීට අමතරව, අඛණ්ඩව වසර 10 ක් විකුණුම් ඉලක්ක ජයගනිමින් MDRT හි, මෙරට පළමු ‘ජීවිත සාමාජිකයා’ බිහිකිරීමේ ගෞරවයද සෙලින්කෝ ලයිෆ් දිනාගත් අතර එහි ටොප්-ඔෆ්-ටේබල් සාමාජිකයෙකු බිහිකළ මෙරට පළමු රක්ෂණ සමාගම වන්නේද සෙලින්කෝ ලයිෆ් සමාගමයි.
එම්. ප්‍රියවිරාජ් මහතා 1989 වසරේදී සෙලින්කෝ ලයිෆ් අලෙවි බලකාය සමග එක්වූ අතර ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් පැවැත්වූ 2017 ජාතික අලෙවි කොංග්රස් සම්මාන ප්රදානෝත්සවයේදී (NASCO) ජීවිත රක්ෂණ අංශයේ ‘ෆ‍්‍රන්ට්ලයිනර්’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක්ද දිනාගන්නා ලදී.
ඒ.අයි.පී. මංජුල මහතා සෙලින්කෝ ලයිෆ් අම්බලන්තොට 02 වන ශාඛාවට අනුබද්ධව සේවය කරන අතර 2014 MDRT වාර්ෂික රැස්වීමේ සමාරම්භක උළෙලේදී ශ්‍රී ලාංකේය ධජය රැගෙන යාමේ ගෞරවණීය අවස්ථාව ඔහුට හිමිවිය. එසේම, මංජුල මහතා සමාගමට දැක්වූ දායකත්වය අගය කරමින් ඔහුට සමාගම විසින් 2018 වසරේදී මර්සිඞීස් බෙන්ස් සී වර්ගයේ මෝටර් රථයක්ද ප්රදානය කරන ලදී.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.
මේ වසරේදී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත්රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.